(රංජිත් රාජපක්ෂ )
නොර්වුඩ් පොලිස් වසමට අයත් පොට්රි වතුයායේ ක්ෂේත්‍ර නිලධාරියාගේ නිල නිවස තුල අනවසරෙන් මැණික් ගරමින් සිටි ක්ෂේත්‍ර නිලධාරියා ඇතුළු සැකකරුවන් සිව්දෙනෙක් මස්කෙලිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් සහ නොර්වුඩ් පොලිසියේ නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.
කාසල්රි ජලාශයට එම වතුයායේ සිට ජලය ගලා බසිනා ඇළ මාර්ගයක් ආසන්නයේ ක්ෂේත්‍ර නිලධාරියාගේ නිල නිවස පිහිටා ඇති බවත්, එම නිල නිවසේ නිදන කාමරයක අඩි 30 ක් පමණ ගැඹුරු වලක් හාරා එම වල තුල තිබු ඉල්ලම් සහිත පස් ගොඩ ගෙන ඉල්ලම් සහිත පස් සිය නිල නිවස තුලදිම කාලයක් තිස්සේ සෝදා ඇති බව සැකකරුවන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් කියා සිටියේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා බලංගොඩ , බගවන්තලාව සහ නොර්වුඩ් ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd