
(අංජුල මහික වීරරත්න)
නිල් කට්රොළු මල් අපනයනය කොට ඩොලර් උපයන ගමක් නිරීක්ෂණය කරන්නට කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා එහි ගියේය.
නිල් කට්රොළු මල් ( Butter Fly Fee Flower- Clitoria Terentea) ආශ්‍රිත නිෂ්පාදන සඳහා මේ වනවිට යුරෝපය ඇතුළු ජාත්‍යන්තර වෙළෙඳපොලෙහි ඉහළ ඉල්ලුමක් පවතී. විශේෂයෙන් නිල් කට්රොළු මල් වේලා ඉන් සකසා ගන්නා නිල් කට්රොළු තේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉහළ මිලකට අලෙවි වේ.
පිලිපීනය, තායිවානය වැනි රටවල් ද මේ වනවිට මෙම වගාවට යොමු වී ඇති වලස්මුල්ල ඔමාරගම කාන්තාවෝද නිල් කට්රොළු මල් වගාවට අවතීර්ණව සිටිති.
දැනට පවතින මිල ගණන් අනුව වේලන ලද නිල් කට්රොළු මල් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 5000ක් වැනි මිලකට අලෙවි කරනු ලබයි. වේලන ලද නිල් කට්රොළු මල් කිලෝ ග්‍රෑම් එකක් සෑදීම සඳහා අමු මල් කිලෝ ග්‍රෑම් 10ක් අවශ්‍ය වේ.
ඔමාරගම ගමේ කාන්තාවෝ 60ක් පමණ දැනට මෙම වගාවේ නියැලී සිටිති. ඉදිරි අප්‍රේල් හා මැයි මාසය නිල් කට්රොළු මල් බහුල කාලය වේ. එම කාලයේ වැඩි ආදායමක් උපයා ගැනීමට ද හැකි බව එම කාන්තාවෝ අමාත්‍යවරයා සමග පැවසූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඔය වගේ දේවල් හොයලා වගාකරලා මුදල් හොයන්න පුළුවන්නේ. ඔය ගංජා වගේ මත්ද්‍රව්‍ය වගාකරන්නම දඟලන්නේ නැතිව...!
එක්තරා පුද්ගලයකුගේ 2.50 මාකටින් කැම්පේන් එකක් කියා සැකයක් තියෙනවා.
වලස් මුල්ලේ කොහේද?