
(අංජුල මහික වීරරත්න)
නිල් කට්රොළු මල් අපනයනය කොට ඩොලර් උපයන ගමක් නිරීක්ෂණය කරන්නට කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා එහි ගියේය.
නිල් කට්රොළු මල් ( Butter Fly Fee Flower- Clitoria Terentea) ආශ්‍රිත නිෂ්පාදන සඳහා මේ වනවිට යුරෝපය ඇතුළු ජාත්‍යන්තර වෙළෙඳපොලෙහි ඉහළ ඉල්ලුමක් පවතී. විශේෂයෙන් නිල් කට්රොළු මල් වේලා ඉන් සකසා ගන්නා නිල් කට්රොළු තේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉහළ මිලකට අලෙවි වේ.
පිලිපීනය, තායිවානය වැනි රටවල් ද මේ වනවිට මෙම වගාවට යොමු වී ඇති වලස්මුල්ල ඔමාරගම කාන්තාවෝද නිල් කට්රොළු මල් වගාවට අවතීර්ණව සිටිති.
දැනට පවතින මිල ගණන් අනුව වේලන ලද නිල් කට්රොළු මල් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 5000ක් වැනි මිලකට අලෙවි කරනු ලබයි. වේලන ලද නිල් කට්රොළු මල් කිලෝ ග්‍රෑම් එකක් සෑදීම සඳහා අමු මල් කිලෝ ග්‍රෑම් 10ක් අවශ්‍ය වේ.
ඔමාරගම ගමේ කාන්තාවෝ 60ක් පමණ දැනට මෙම වගාවේ නියැලී සිටිති. ඉදිරි අප්‍රේල් හා මැයි මාසය නිල් කට්රොළු මල් බහුල කාලය වේ. එම කාලයේ වැඩි ආදායමක් උපයා ගැනීමට ද හැකි බව එම කාන්තාවෝ අමාත්‍යවරයා සමග පැවසූහ.
2025 දෙසැම්බර් මස 18
301
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
997
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිල් කට්රොළු ඩොලර් කරන ගමක් වලස්මුල්ලේ
බක්මීගොල්ල Monday, 11 March 2024 11:42 PM
ඔන්න ඔය වගේ දේවල් හොයලා වගාකරලා මුදල් හොයන්න පුළුවන්නේ. ඔය ගංජා වගේ මත්ද්‍රව්‍ය වගාකරන්නම දඟලන්නේ නැතිව...!
Ranjith chandrasekera Tuesday, 12 March 2024 01:06 AM
එක්තරා පුද්ගලයකුගේ 2.50 මාකටින් කැම්පේන් එකක් කියා සැකයක් තියෙනවා.
Thusars Tuesday, 12 March 2024 10:47 AM
වලස් මුල්ලේ කොහේද?
තුෂිත Wednesday, 13 March 2024 01:49 PM
මොනවද හොයන්නේ?