(ඉන්දිකා  රාමනායක)

කල්ලඩි පොලිස් අභ්‍යාස විද්‍යාල එක එකට අනියුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුට අයත් නිල ඇඳුම් සහිත ගමන් බෑගය බස් රථයක් තුළදී කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.

එම ගමන් බෑගය නිල ඇඳුම් කට්ටල දෙකක්, සේවා ලේඛන, අධ්‍යාපන සහතික, බස් බලපත්‍ර හා සාමාන්‍ය ඇඳුම් තිබී ඇති බව පොලිසිය කියයි.

මෙම කොස්තාපල්වරයා  ඊයේ  (7) කොළඹ කොටුවේ සිට  මඩකලපුව  බස් රථයට නැග . අසුන යට සිය ගමන් බෑගය තබා ඇත.

පසුව බස්රථයෙන්  බැසීමට යාමේ දි  නිල ඇඳුම් සහිත සිය ගමන් බෑගය කිසිවකු විසින් ම රැගෙන ගොස් ඇති බවට අනාවරණය වී ඇත.සිද්ධිය සම්බන්ධයෙන් කල්ලඩි  පොලිස් විද්‍යාලයට දැනුම් දී ඇත.