(ඉන්දිකා  රාමනායක)

නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 191 දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා පුද්ගලයන් 51,185   ක පිරිසක්  අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් අතරින්  43000 ට අධික පිරිසකට  නඩු පවරා ඇති බව 7000 පිරිසකට නඩු පැවරීමට නියමිත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා කීය.