(ටී.කේ.ජී.කපිල)
ජපානයේ නරීටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක හදිසියේ ඇති වූ, කාර්මික දෝශයක් හේතුවෙන් යළි කටුනායක ගුවන්තොටුපොළට ගොඩ බස්වා ඇත.
ඒ් වන විටත් පැය 02 යි විනාඩි 25 ක කාළයක් ගුවන් යානය ගමන් කර තිබුණි.
මෙය ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු ඒ.330 - 300 එයා බස් වර්ගයේ විශාලතම ගුවන් යානයකි .
මෙම ගුවන් යානයේ රෝද පද්ධතිය නියමිත පරිදි ඇකිළීම සිදු වන බවට තම පරිගණක පද්ධතියේ නොපෙන්වීම ( Indicate ) නිසා , ගුවන් නියමුවා මෙම ගුවන් යානය , කටුනායක ගුවන් තොටුපොළට අනතුරකින් තොරට ගොස් බැස්සවීමට පියවර ගෙන තිබුණි .
මෙම ගුවන් යානය තුළ ගුවන් මගීහු සහ කාර්යය මණ්ඩලය 301 දෙනෙක් ගමන් කළහ.
එම ගුවන් මගීන් වෙනත් ගුවන් යානා මගින් ජපානයේ නරීටා වෙත යොමු කිරීමට ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පියවර ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාකි මයිනා එමිරේට්ස් ගුවන් සේවය සමග තිබූ සම්බන්ධතා මෝඩ සහ හිතුවක්කාර ලෙස නැවත දැමීමත් සමග මෙම ගුවන් සේවය අවසන් හුස්ම හෙලමින් පවතී .අවසානය වැඩි ඈතක නොවේ
ජීවිත විනාශයක් වීමට පෙර මෙම අබලන් තත්ත්වයේ පවතින ගුවන් යානා ඉවත් කොට , Sri Lankan ආයතනය කරගෙන යාහැකි දේශීය හෝ විදේශීය සමාගමකට ලබාදීමට මෙරට පාලකයින් කඩිනම් පියවරක් ගත යුතුය.
දැන්දැන් එන ආරංචි ඇහුවාම කවුරුත් ඕක ගන්න ඉදිරිපත් වෙන්නේ නැතිවෙයි...
මේක නවතින්නේ ගුවන් යානයක් කඩා වැටිලා, ජීවිත සියගාණක් නැති වෙලා.. බංකොළොත් නම් නම් ගුවන් යානා මෙහෙයුම් වහලා දාලා ගොඩබිම් මෙහෙයුම් කටයුතු පමණක් කරන්න.