(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

නොරෙච්චෝලේ විදුලි බලාගාරයෙන් විදුලි නිෂ්පාදනය සම්පූර්ණයෙන් ම ඇණ හිට ඇතැයි එම බලාගාර ආරංචි මාර්ග කියයි.

පළමු සහ දෙවන විදුලි උප්දාන යන්ත්‍ර දෙකම එහි නඩත්තු කටයුතු සඳහා මිට පෙර සිට නතර කර තිබූ අතර තෙවන උප්දානය යන්ත්‍රයේ කටයුතු ද බිඳ වැටී ඇතැයි එහි නිලධාරියෙක් පැවැසීය.

කෙසේ වුවද දැනට නඩත්තු කටයුතු අවසන් අධියරේ පවතින එක් යන්ත්‍රයකින් විදුලි සැපයුම ලබැදීමේ හැකියාව පිළිබඳව සොයා බලමින් සිටින බව එහ නිලධාරිහු පවසති.

ඒ අනුව දැනට ජල විදුලි බලාගාරවලින් විදුලිය නිෂ්පාදන කරන බැවින් මෙම බිඳවැටීම විදුලි නිෂ්පාදනයට ගැටළුවක් නොවනු ඇතැයි අනුමා කෙරේ.