
(අංජුල මහික වීරරත්න)
2024 වර්ෂය විදෙස්ගත ශ්‍රමික ප්‍රජාව වෙනුවෙන් වූ ව්‍යවසායකත්වයේ වසර ලෙස නම් කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.
විදෙස්ගත ශ්‍රමිකයන්ගේ සුබ සාධන වසර ලෙස නම් කරන ලද 2023 වර්ෂයේදී ඔවුන් වෙනුවෙන් රුපියල් බිලියන ගණනක් වටිනා ආධාර ලබාදීමට හැකියාව ලැබුණු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
වත්මන් ආර්ථිකය නිසා ජනතාවට අපහසුතා තියෙන නමුත් මේ තත්වය අවම කර තව මාස කිහිපයකින් ජනතාවට නිදහසේ ජීවත් වෙන්න අවස්ථාව සලසලා දෙන බව අමාත්‍යවරයා කීය.
අමාත්‍යවරයා මේ බව කීවෙි 2024 නව වසරට සුබ පැතුම් එක් කරමින් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවති වැඩසටහනකට එක්වෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ වාසනාවන් මෙහෙම ඇමැති කෙනෙක්...!
මේ අයගේ කටවල් උලන්න ඕනෑ කළුගලක...!
අනේ මේ අය කට හැරෙන පැත්තට බොරු කියන කට්ටිය... යන්න අපායක් හොයාගන්න.
දේශපාලුවන් කවද්ද ඇත්තක් කිව්වේ...? තමුන්ගේ වාසියට, පැවැත්මට වැඩ කරන අය තමයි වැඩි හරියක් ඉන්නේ...!
දූෂිත දේශපාලුවෝ ඉන්න තාක් රටටම නරක කාලේ. හොඳ කාලයක් එන්න නම් දූෂිත දේශපාලුවෝ හැම එකාම තුරන් වෙන්නම ඕනේ...!
අනේ මගේ කට... මම මෙහෙ ඉඳන් එනකොට අපිට කිසිම පහසුකම් නෑ. සෑම දෙයක්ම සීමා කරලා. මොවුන් අපිව රට ඇරලා සැප විඳිනවා. අපි මෙහෙ ඉඳන් කටු කනවා...
අනේ ඇමැතියෝ ? කාටද ඕවා කියන්නේ? මේක ගොඩගන්න බැහැ කියලා... දන්නවා. මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ... ආයේ මේ රට ගැන... බොරු නොකියා ඉන්න.
මේ අය දකිනකොටත් අප්පිරියයි...!
වාසියට පැත්ත මාරුකරන බොරුව ඇත්තවගේ මවල කියන්න හැකියාව ඇති නිසාම ඇමතිකම් කරන ඔබ වැනි අය කියන කතා පිලිගැනීමට කිසිකෙනෙකු සූදානම් නැත.
මේ විදෙස්ගත ශර්මිකය FD එකක් දැම්ම කියමුකෝ. 12,000 ක විතර පොලියක් තිබුන කියමුකෝ. 6000 විතර බදු කියල කපාගෙන තිබුන කියමුකෝ
ඇමතිවරයා කාටද දන්නෙ නෑ ආධාර දුන්නේ .අපේ පවුල් වලටනම් සතපහක දෙයක් මේ වෙනකම් දීලා නෑ .බොරුව තාවකාලිකයි.
ඔබ තුමාගේ නරක කාලය ගැනද කතා කරන්නේ
ඔයාලට නම් දැනුත් නරක කාලයක් නෙවෙයිනේ. සන්තෝසම් කොමිස් ආදියෙ අඩුවක් එහෙම තියෙනවද. ඔයාගෙ ගජය හරිනත් හොද කොමිස් කාරයෙක්. අහල බලන්නකො.
තව මාස දෙක තුනකින් ජනතාව සතුටුවෙනවා තමයි, චන්දෙන් පස්සේ තමුසෙලා වැනි මිනීමරු ,හොර ,පරපෝෂිතයින් හිරේ දමලා .
විදෙස්ගත ශ්‍රමිකයන්ගේ සුබ සාධන වසර ලෙස නම් කරන ලද 2023 වර්ෂයේදී ඔවුන් වෙනුවෙන් රුපියල් බිලියන ගණනක් වටිනා ආධාර ලබාදීමට හැකියාව ලැබුණු බවද අමාත්‍යවරයා සඳහන් කළේය. .(????????????????????????????????????????????????)
මටනම් ෂුවර් ලබන සැප්තැම්බර් මාසෙන් පස්සේ රටේ ජනතාවගේ අපල කාලය තුරල් වෙනවා. පාලකයන්ටනම් අමාරු කාලයක් එයි වගේ. කෝකටත් ඔබතුමාත් පරිස්සමෙන්. මිනිස්සුන්ගේ අපල කාලය ඉවර වෙනවා කියන්නේ ඔයාලට අමාරු කාලයක් එනවා කියන ඒකයි.
මාස දෙක තුනයි නොවෙයි මාස හතයි, ගෙදර යන්න ලැහැස්තිවෙලා හිටපං රිලවා, ඒ පැත්තට මේ පැත්තට පැන පැන බේගල් දෙසන්නේ නැතුව.
ඒ කියන්නෙ රනිල් රාජපක්ෂ යනවා අලුත් සාධාරණ පාලනයක් එනවා!
හරිනම් වරප්‍රසාද ලබන්න ඕන විදෙස්ගත ශ්‍රමිකයන්ට. රජයේ සේවකයො නෙවෙයි. කාර් පර්මිට්. VIP කාර් ලේබල්. ලමය් ප්‍රසිද්ධ පාසල් වලට දාගන්න.
නරක. කාලය. අතලගයි කියලා හිතා ගන්න ඔය නඩේ. ජනතාව. මිට ඉස්සර සැප විදපු ගානට. කතා කරන්නේ. ජ්නතාවට දුක් විදලා පුරුදුයි. ඔය නඩේ ගැන තමයි මට. බය මට මැවිලා පේනවා. සරම්කොට ඇද ගන. කාපු බීපු හැටි කියනවා ගමේ කට්ටිය වටකරගෙන
නැ වැරදි .නරක කාලය ඔහෙල දෙසපාලනයෙ ඉන්නකම් තියනව.ඔහෙල මෙ රටට මහා කරුමයක්.රජපක්ශල කාපු රට මුන් විනාස කරනව.මිස්සුන්ට අද 3 වෙල කන්න නැ.බඩු මිල අහස උසට.එ අස්සෙ මුන් කරන්නන බැරි සුරංගනා ලොක මවනව
අනේ වාසනාවන්....ඡන්දයක් තියෙනවද මාස 2-3කින්....ඉතාම හොඳයි...
මාස දෙකෙන් පස්සේ අපට පුරුදු වෙයි
තොපිලා තව ආණ්ඩු කරන්නේ මාස කීපයයි .පළවෙනිදා උදේ පාන්දර අපේ ඇඟේ ලේ කෝප කළා ,කාලකන්නි හැත්ත.එනවා තවත් බොරු කියාගෙන
විදේශ මුදල් එවන උදවියට දෙනවා කිව්වා ඉලෙක්ට්‍රික් වෙහිකල් පර්මිට් කීදෙනෙකුට දුන්නද ?ඒකට මොකද උනේ කියලා දැනගන්න කැමති
මේ සුරංගනා කතා අහලා එපා වෙලා ඉන්නේ. ඉක්මනට ඡන්දෙ තියන්න මහත්තයෝ. අපි පෙන්නන්නම් මේ පාර අපි කව්ද කියලා.මෙයාලා හිතාගෙන ඉන්නේ අපි මෝඩයෝ කියලා.....
නරුම දේශපාලකයො බොල කවදද ඇත්ත කිවුවෙ
ඔබේ නරක කාලය තව දුරටත් පවතීවි.
මුන් වගේ කාලකන්නියෝ කියන මේ බොරු අහගෙන ඉන්න එපා.නැගිටලා ප්‍රශ්න කරන්න .ආරක්ෂාව නැතුව එනවානම් කන පැලෙන්න දෙකක් දීලා ඇත්ත කියලා දෙන්න තිබුනා
මෙයාගේ ළඟ ඉඳන් මෙයාට ආවතේව කරන කෙනෙක්... මේවා බලනවා නම් මේ කමෙන්ට්ස් ටික පෙන්වන්න.