(සුජිත් හේවාජුලිගේ )
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කිරීම සඳහා අවදානම් සහිත දිස්ත්‍රික්ක 14ක ස්ථාපනය කර තිබූ වර්ෂාමාන 330කින් 72ක් අක්‍රියවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
මෙම වර්ෂාමාන පසුගිය වර්ෂයේදී අක්‍රියවී ඇත්තේ සේවක හිඟය සහ අනිකුත් හේතු මත නිසියාකාරව නඩත්තු නොකිරීම හේතුවෙන් බවද වාර්තාවේ දැක්වේ.
මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණා සංවිධානය එහි සේවකයන්ට නීතියට පිටින් රුපියල් කෝටියකට ආසන්න වටිනා දිරි දීමනා ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
පසුගිය වසරේ ජනවාරි මස සිට අප්‍රේල් දක්වා මෙලෙස දිරිදීමනා ගෙවා තිබූ බවද එම වාර්තාවේ දැක්වේ.
මේ සඳහා අමාත්‍ය මණ්ඩලයේ හෝ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ හෝ මහ භාණ්ඩාගාරයේ හෝ අනුමැතියක් ගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මෙම තොරතුරු සඳහන් වන්නේ පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරුණු ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේවකයින් බඳවා ගැනීමට, නඩත්තු කටයුතු වලට මුදල් නැතිවුණාට 225 නඩත්තු කරන්න නම් ඕනෑ තරම් සල්ලි තියෙනවා නේද? අමතකද කසිප්පු කාරයෙක් කිව්වා පාරවල් හදන්න ඕනෑතරම් සල්ලි තියෙනවා කියලා... කොමිස් එක ඒකෙනේ...!
සාමාන්‍ය ජනතාව ඡන්දේ දීලා යවලා ඉවර වෙලා හැමදාම 225ට බනිනවා. හොරු කියලා. නමුත් සෑම රාජ්‍ය ආයතනයකම සම්මතයෙන් උගතුන් හොරු. හොරකම් හෙව්වාට වැඩක් නෑ. දඬුවම් නැති නිසා. නැත්නම් විධායක බලතල පාවිච්චි කරලා හරි හොරු නිදහස් කරනවා. ඉතිං රටක් ගොඩ එයිද?
ඕවා කැඩිලානම් ඉක්මණට හැදුවා නම් හරි. රටේ හැමතැනටම වැස්ස, ගංවතුර. මාත් බැලුවා මොකද මෙච්චර වැස්ස කියලා...!