IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


නියමුවෙක් ලෙඩ වීම යානයේ ප්‍රමාදයට හේතුවයි

(යොහාන් භාසුර)

කටුනායක සිට සියෝල් නගරය බලා ඊයේ (20) රාත්‍රී 8.20 ට පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන්  ගුවන් යානයේ නියමුවන් දෙදෙනාගෙන් එක් අයකු  රාත්‍රියේදී හදිසියේ අසනීප නිසා යානයේ පියාසර කිරීම ප්‍රමාද කිරීමට සිදුවූ බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ගුවන් නියමුවන්ගේ විවේකය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින විවිධාකාර වූ රෙගුලාසි හේතුවෙන් අද (21) දිනය වනතෙක් වෙනත් ගුවන් නියමුවෙක් යෙදවීමට නොහැකි වූ බව කියන එම ගුවන් සමාගම එම ගුවන් යානය ප්‍රමාද වීම නිසා ඇති වූ අපහසුතාව පිළිබඳව ශ්‍රීලංකන් ගුවන් සේවය කණගාටුව පළකරන බව ද සඳහන් කළේය.

එම අවස්ථාවලදී උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳව හැකි උපරිමයෙන් මගීන් දැනුවත් කිරීමටත්, නවාතැන් අවශ්‍ය පුද්ගලයන්ට හෝටල් පහසුකම් සැපයීමටත් ගුවන් සේවය කටයුතු කළ බවත් එම යානයේ යෑමට නියමිතව සිටි පිරිසට මීළඟට පිටත් වන ගුවන් යානයෙන් සියෝල් බලා යැවීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය මේ වන විට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග එක්ව කටයුතු කරන බවත් එම ගුවන් සේවය කියයි.

ශ්‍රීලංකන් ගුවන් සේවය කොළඹ සහ සියෝල් අතර ගුවන් ගමන් පවත්වාගෙන යෑමෙහි ප්‍රධාන අරමුණ කොරියාවේ රැකියාවන් සඳහා පිටත්ව යන ශ්‍රී ලාංකිකයන්ගේ ගුවන් ගමන් පහසුව සැලසීම බව කියන එම සමාගම ඒ වෙනුවෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිටම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග එක්ව කටයුතු කරන බවත්ය.

 



අදහස් (11)

නියමුවෙක් ලෙඩ වීම යානයේ ප්‍රමාදයට හේතුවයි

අමා Wednesday, 21 June 2023 08:34 PM

අනිවාරයෙන් මේව පුද්ගලිකලීකරණය කලයුතුයි කියල හිතෙන්නෙ මට විතරද?

:       0       8

නිහාල් Wednesday, 21 June 2023 08:45 PM

ඕකෙ කසිබලයක් අනතුරකට ලක් වෙලා විකුණගන්නවත් බැරි වෙන්න නම කැතවෙනවා ළඟදීම.

:       0       6

යෝගා Wednesday, 21 June 2023 08:51 PM

කලිනුත් ලෙඩ උනේ ඔය නියමුවාමද?

:       0       6

Bamunuarachchi Thursday, 22 June 2023 01:09 AM

නියමුවෙක් ලෙඩවීම නිසා ගුවන්ගමන් ප්‍රමාද වෙනවා නම් එය පරිපාලනයේ වැරද්දක්.

:       1       8

Dumesh Thursday, 22 June 2023 01:22 AM

මේවා ශ්‍රීලන්කන් බයිලා .හදිසියේ ගුවන් නියමුවෙක් මැරුනොත් ෆ්ලයිට් ඔපරේට් කරන්නේ නැහැ නියම බේබි මැනේජ්මන්ට් ඔෆ් ශ්‍රීලංකන්

:       1       9

ලසන්ත Thursday, 22 June 2023 06:13 AM

අහවල් වෙලාවෙ සම්මුඛ පරීක්ෂණ තියෙනවා .එන්න කිව්වම යන්න. එකක් නැත්නම් ආයෙත් නොගන්න පුළුවන් .කලින් දවසේ යන්නවත් ක්‍රමයක් හදන්න ඕන. මේක සිද්දවුනේ දෙවැනි වරට නිසා සැකයක් ඇතිවෙනවා. ගුවන් තොටුපොළේ මාලිමාවක් තිබේද බලන්න

:       0       8

Lalla Thursday, 22 June 2023 07:00 AM

ඒ කියන්නේ පොරොත්තු රාජකාරි සඳහා සංචිතයක් නැතිකම.... ඒක තමා පරිපාලන දුර්වලකම...මහින්ද රාජපක්ෂ තම පෞද්ගලික වුවමනාවට එමිරේට්ස් යටතේ පරිපාලනය අවසන් කිරීමේ විපාකය.... පවුලේ එකාලට පිල්ලි ගහන්න ජාතික ධනය ලබාදීමේ විපාකය....

:       0       11

පුරවැසියෙක්.... Thursday, 22 June 2023 07:57 AM

Sri Lankan ගුවන් යානා වලටත් ලෙඩ. කාර්ය මණ්ඩලයත් ලෙඩ්ඩු . ? මෙය කඩිනමින් දේශීය හෝ විදේශීය ආයතනයකට විකුණා දමා , Emirate මගින් පවත්වාගෙන ගිය සාර්ථකත්වයට පත් කිරීමට රට කරවන බලධාරීන් කඩිනමින් පියවර ගත යුතු බව රටේ බහුතර වැසියන්ගේ අදහසය. හොඳින් පවත්වාගෙන ගිය Air Line එක විනාශ මුඛයට යැවූවන් අද සනීපෙන් ද. ?

:       0       9

Sunil Thursday, 22 June 2023 09:25 AM

නියමුවෙක් ලෙඩ වන්නෙ නම් එ වෙනුවට විකල්ප ක්‍රියා පිලිවෙතක් අනුගමනය නොකෙරුනේද? ජාත්‍යන්තර රෙගුලසි කුමක් දැයි මෙ ගුවන් සෙවය හොදාකාරව දනි. එවට අනුකුල වෙමින් විකල්ප ක්‍රිය මාර්ග නොගත්තේ ඇයි? මෙය නම් කිතුලෙ ගිය මිනිහගෙ කතාව වගෙයි. අනෙක වසර 46 ක් මුලුල්ලෙ මෙ සමගම අපෙ රටට අති විශල බරක් වීම පමනයි වුනේ.

:       1       7

sriyal Thursday, 22 June 2023 09:51 AM

කිතුලට ගිය විට නිදහසට කරුණු තිබෙන බව ජාතික ගුවන් සේවය ඔප්පුකර ඇත.

:       1       8

de silva berlin Thursday, 22 June 2023 12:36 PM

ඔනෙම ගුවන් සෙවයක හදිසි අවස්තාවක ක්‍රියත්මක වන්න ඔන් කෝල් නියමුවන් සහ කර්යයමන්ඩල ඉන්නව , අර ඉස්පිරිතාල වල ඔන් කොල් දොස්තරල ඉන්නව වගෙ , මෙක ස්‍රි ලංකන් අදිකාරිය කියන බොරුවක්. මෙ යානයට යම් කිසි කාර් මික දෝශයක් තිබිල තියෙනව

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site