(නිමල කොඩිතුවක්කු)
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මහතාගේ නම යෝජනා කළ බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ප්‍රකාශ කළේය.
සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ පැවති කණ්ඩායම් රැස්වීමේදී තමන් එම යෝජනාව සිදුකළ බව රාජකරුණා මහතා පැවසීය.
නියෝජ්‍ය කථානායක ධුරය සඳහා ඉමිතියාස් බාකිර් මාකර් මහතා පත් කිරීම සම්බන්ධයෙන් කණ්ඩායම් රැස්වීමේදී කිසිවකුත් විරෝධය පළ නොකළ බවත් ඔහු කීවේය.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවත් පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කර ඉමිතියාස් බාකීර් මාකාර් මහතා එකගනම් පමණක් ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගන්නා බවත් හර්ෂණ රාජකරුණා මහතා තවදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න හොඳ තීරණයක්...
මුස්ලිම් ඡන්ද නැතුව සජබයින්ට පාර්ලිමේන්තු එන්න බැරි බව ඔවුන් දන්නවා.
සාපේක්ෂ වශයෙන් හොඳ මහජන නියෝජිතයෙක්...
කොහෙන් ගියත් එන්නේ ඒගොල්ලොමනේ...!