(ඩයනා උදයංගනී)
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස ඊයේ (27) පෙරවරුවේ දිවුරුම් දුන් කාංචන විජේසේකර, නිමල් ලන්සා සහ ඉන්දික අනුරුද්ධ යන මහත්වරුන් ඊට පැය කිහිපයකට පසු රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ යළිත් දිවුරුම් දී ඇති බව වාර්තා වේ.
ඒ අනුව ධීවර සහ ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස උදෑසන දිවුරුම් දුන් කාංචන විජේසේකර මහතා පසුව පස්වරුවේ තේ කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇති අතර ප්‍රජා සවිබල ගැන්වීම් හා වතු යටිතල පහසුකම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී සිටි නිමල් ලන්සා මහතා පස්වරුවේ ප්‍රජා සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස යළිත් දිවුරුම් දී ඇත.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ඉන්දික අනුරුද්ධ මහතා පස්වරුවේ දිවුරුම් දී ඇත්තේ නිවාස රාජ්‍ය අමාත්‍යවරයා ලෙසිනි.
තමා සහ අනෙක් දෙදෙනා ඊයේ (27) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයට කැ`දවා ජනාධිපතිවරයා විසින් මේ නව තනතුරු ලබාදුන් බව ලංකාදීපය කළ විමසීමකදී කංචන විජේසේකර මහතා පැවසීය.
තමන් එදින පස්වරු 4.45ට පමණ මෙම තනතුරුවල දිවුරුම් දුන් බවද හෙතෙම ස`දහන් කළේය.
ඒ අනුව නව රජයේ රාජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව 38ක් දක්වා ඉහළ ගොස් ඇති අතර නියෝජ්‍ය අමාත්‍යවරුන් කිසිවෙක් නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද? මාස 03 කට රාජ්‍ය අමාත්‍යවරු 38 ක් නම්.... ඡන්දෙන් පස්සෙ කීදෙනෙක් දායිද?.
මේ ජරා දේශපාලන ක්‍රමය ඇති කරපු මිනිස්සුමයි දැන් දේශපාලකයින්ට බනින්නේ. වැඩක් නැහැ. මේ සෙට් එකත් එක්ක ඊළඟ මහමැතිවරණය වෙනකන් අටවාගෙන යන්න වෙනවා. ඒකට කරන්න දෙයක් නැහැ. මීළඟ මහමැතිවරණයේදී සුදුසුම පුද්ගලයින්ට ඡන්දය දෙන්න. ඒ වගේම මහමැතිවරණයත් එක්ක ජනමත විචාරණයකුත් තියන්න ඕනෑ.. මේ ක්‍රමය වෙනස් කරන්න නම්... ගෝඨාභය මහත්මයා වියදම් අවම කරන්න හදනකොට මේ සෙට් එකත් එක්ක ඒක කරන්න වෙනවා. පවතින ක්‍රමය කඩන ඒක ලෙහෙසි නැහැ... ඒත් ගෝඨාභය මහත්මයා ගැන විශ්වාසයි, මහමැතිවරණෙන් පස්සේ ලොකු වෙනසක් එතුමා කරන බව විශ්වාසයි.
අත්‍යාවශ්‍ය නොවන වියදම් කපා හරින්නැයි ජනපති අමාත්‍යාංශවලින් ඉල්ලයි ... හරිනේ. නියෝජ්‍ය ඇමති අනවශ්‍යයයි. ඉතින් ඒ කට්ටියත් රාජ්‍ය ඇමති කළා. කාටවත් ප්‍රශ්නයක් තියෙනවද? කට්ටියට සතුටුද? මන්ත්‍රීකම ඇරුණාම වෙනත් තනතුරු නොලැබුණු අය ආණ්ඩු පක්ෂයේ තව කීයක් ඉතුරුද?
දැනටමත් මේ රජය වැඩකරගෙන යන විදිහට ජනතාව හොඳට පැහැදිලා ඉවරයි.
මේ මොන විකාරයක්ද? දොල පිදේනි දෙන්නේ ඇමති තනතුරු වලින්ද?
මේ අයම මහා මැතිවරණයෙන් පත්කර ගනිමු. එතකොට රටේ මිනිසුන්ට පුන්නක්කු දෙන්න පුළුවන්.
නිමල් ලංසා හරි මාරයි එත් ඇත්තයි... ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, එස් බී දිසානායක මාරෙටම මාරයි... අායෙමත් රට ඉවරයි වගේ..!!! ඔන්න බබෝ ආයේම හොරු ඇවිල්ලා...!!!
මෙයා සිරිසේනටත් වඩා විහිලුකාරයෙක් වගේ... බොහොම පැහැදිලියි. මල්ලි රජ වුණාට අණ දෙන්නේ අයියා කියලා...
අපිට දැනෙන්නේ අපි රටක් දිනුවා වගේ, හරිම සතුටුයි.