(නිමල කොඩිතුවක්කු)
දැඩි නියඟය හේතුවෙන් සබරගමුව, නැගෙනහිර, වයඹ, උතුර, ඌව සහ දකුණ යන පළාත් හයක පවුල් 51641 කට අයත් 171781 පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.
ඉන් වැඩිම බලපෑමක් උතුර සහ නැගෙනහිර පළාතට සිදුව ඇති අතර උතුරු පලාතේ පවුල් 23568 කට අයත් පුද්ගලයන් 75165 කුත් නැගෙනහිර පළාතේ පවුල් 18951 කට අයත් පුද්ගලයන් 63136 කුත් බලපෑමට ලක්ව ඇතැයි එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
පානීය ජලය නොමැති වීම, වියලි කාලගුණ තත්ත්වය ඇතුලු ගැටලු සම්බන්ධයෙන් මෙම ජනතාව පීඩාවට පත්ව සිටිති. දැඩි නියඟය හේතුවෙන් දිස්ත්‍රික්ක 13 කට බලපෑම් සිදුව ඇති අතර ඉන් වැඩිම බලපෑමක් යාපනය දිස්ත්‍රික්කයට සිදුව තිබේ.
යාපනය දිස්ත්‍රික්කයේ ඩෙල්ෆ්, කයිට්ස්, චාවකච්චේරි, මරදන්කර්නි, චන්කානෙයි යන ප්‍රාදේශිය ලේකම් බලප්‍රදේශවල පවුල් 21999 කට අයත් 70238 ක් පීඩාවට පත්ව සිටින බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ තොරතුරු වල දැක්වේ.
මෙයට අමතරව මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් 952 කට අයත් 3244 දෙනෙක්, මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 167 කට අයත් 563 දෙනෙක්, වව්නියාව දිස්ත්‍රික්කයේ පවුල් 450 කට අයත් 1120 දෙනෙක්, රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 4039 කට අයත් 14116 දෙනෙක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පවුල් 2320අයත් 7737 ක්, මඩකලපුව දිස්ත්‍රික්කයේ පවුල් 8892 කට අයත් 29508 අම්පාර දිස්ත්‍රික්කයේ පවුල් 7739 කට අයත් 25891 දෙනෙක්, පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 60කට අයත් 215 ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවුල් 3041කට අයත් 9828 ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 329කට අයත් පුද්ගලයන් 1324 ක්, මොනරාගල දිස්ත්‍රික්කයේ පවුල් 140 කට අයත් 485 දෙනෙක්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 1513 කට අයත් 7512 දෙනෙක්, පීඩාවට පත්ව සිටින බවත් ආපදා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
386
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නියඟයෙන් දිස්ත්‍රික්ක 13 කට දැඩි බලපෑම්