තම නායකයා මරුමුවට පත්වූ බවත් නව නායකයකු පත් කළ බවත් අයි.එස් හෙවත් ඉස්ලාමික් ස්ටේට් සංවිධානය අද (31) තහවුරු කළේය.
ටෙලිග්‍රෑම් පණිවුඩ සේවයේ අයි.එස්. සංවිධානයට සම්බන්ධිත ගිණුමක් මාර්ගයෙන් ඒ බව නිවේදනය කර තිබෙන අතර අබු ඊබ්‍රහීම් අල් හෂේමි අල් කුරාෂි අයි.එස්. සංවිධානයේ සහ ‘කලීෆාවේ’ නායකයා බව එමඟින් නිවේදනය කර තිබේ.
ඇමෙරිකානු හමුදා, වයඹ දිග සිරියාවේ මෙහෙයුමක් දියත් කරමින් පසුගිය සති අන්තයේදී අයි.එස්. නායකයා අල්ලා ගැනීමට උත්සාහ කළ අතර ඒ අවස්ථාවේදී සිය මරාගෙන මැරෙන බෝම්බ කබාය පුපුරුවා ගනිමින් අයි.එස්. නායකයා මරුමුවට පත්විය.
2014 වසරේදී අල් බැග්ඩෑඩි අන්තවාදී සංවිධානයක් වන අයි.එස්. සංවිධානයේ නායකයා ලෙස නම් කෙරුණු අතර එම සංවිධානය ඉරාකයේ සහ සිරියාවේ සිවිල් වැසියන් ජීවත්වන විශාල භූමි ප්‍රමාණයක් අල්ලාගනිමින් ඔවුන්ගේ පාලනය ස්ථාපිත කළේය.
මේ අතර ඇමෙරිකානු සහ කුර්දි හමුදා එක්ව ඔක්තෝබර් 27 වැනිදා කරන ලද ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී සිය සංවිධානයේ ප්‍රකාශකයා වූ අබු අල් හසන් අල් මුජහිර් මියගිය බව ද අයි.එස්. සංවිධානය හඬ පටයකින් තහවුරු කළේය. සෞදි ජාතිකයකු වූ හෙතෙම බැග්ඩෑඩිගෙන් පසු අයි.එස්. සංවිධානයේ නායකයා බවට පත්වනු ඇතැයි පැවැසුණි. ඔහුගේ මරණයත් සමඟ අබු ඊබ්‍රහීම් අල් හෂේමි අල් කුරාෂි හෙවත් අබ්දුල්ලා කර්දාෂ් අයි.එස්. සංවිධානයේ නායකයා ලෙසත් අබු හම්සා අල් කුරාෂි අයි.එස්. සංවිධානයේ නව ප්‍රකාශකයා ලෙසත් පත්ව තිබේ.
ඒ.එෆ්.පී. සහ රොයිටර්ස්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ මව්බිමට යමෙක් වින කරයිද, ඒ සියලුදෙනා මිහිපිටින් යටිකුරුව නිරයට වැටෙනු නියතයි...
අයි.එස්.අයි.එස් පිළිගත්තත් අපේ සමහරුනම් පිළිගන්න එකක් නෑ. පුදුම පණ්ඩිතයොනේ ඉන්නේ අපේ රටේ. ගෝඨාභයගේ උපදෙස් මත අයි.එස්.අයි.එස් සංවිධානය මෙහෙම ප්රකාශයක් කළා කියන්නත් බැරි නෑ.
ඇමෙරිකාව කිව්වේ බොරු. මොහු කොහේ හරි තැනකින් මතුවේවි කියලා ප්රතිචාර දාපු කුහකයින්ට දැන් හිතේ අමාරු ඇති.
දෙවියන් වහන්සේ අප සමගයි. ඉස්ලාමය සාමයේ ආගමයි.
ඒකට කමක් නෑ. ඒ බව ඔප්පු කරන්න යන්න එපා.
ලෑස්ති වෙලා ඉන්න කන්යාවියෝ ළඟට යන්න.
රිස්වාන් කන්යාවියක් කතාකරයි.