
(අංජුල මහික වීරරත්න)
උග්‍ර නියඟය සහිත කාලගුණික තත්ත්වය සත්ව පාලන කටයුතු සඳහා දැඩි බලපෑමක් එල්ල කර ඇතැයි ගොවීහු ප්‍රකාශ කරති.
ගව පාලනයේ දී එම සතුන්ට අවශ්‍ය පානීය ජලය හිඟකම මෙන්ම තණබිම් වියලී යාම නිසා ඇතිවන ආහාර හිඟයෙන් එම සතුන් පීඩාවට පත්ව තිබේ.
සත්ව පාලනය පුළුල් ලෙස සිදු කෙරෙන දිස්ත්‍රික්ක සියල්ලම පාහේ දැඩි නියඟයට ගොදුරු වී තිබේ.මී ගවයින් වැඩි වශයෙන් සිටින හම්බන්තොට, අම්පාර හා මොණරාගල මෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්ක වල කුඩා වැව් සියල්ලම පාහේ සිඳී යාම නිසා මී ගවයින්ට දිවා කාලයේ රැදී සිටීම සඳහා ජලය සහිත ස්ථාන නොමැති වීම එම සතුන්ගේ පැවැත්මට හැනිකර ලෙස බලපා තිබේ.
අදාල ගැටලු සම්බන්ධයෙන් පශු සම්පත් සංවර්ධන අංශය සමග කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සාකච්ඡාවක් පැවැත්වූ අතර ගවයින්ට අවශ්‍ය පානීය ජලය සැපයීමට පියවර ගන්නා ලෙසත් වියලි තණබිම් වලට ගිනි තැබීම් වාර්තා වන බැවින් ඒවා ආරක්ෂා කර ගැනීම සඳහා වැඩ පිළිවෙළක් සකසන ලෙසත් අමාත්‍යවරයා පශු සම්පත් සංවර්ධන අංශයට උපදෙස් දුන්නේය.
එමෙන්ම වියළි තණ බිම්වලට ගිනි නොතබන ලෙස ඉල්ලා දැන්වීමක් අදාල ප්‍රදේශවල රාජ්‍ය ආයතනවල ප්‍රදර්ශනය කරන ලෙස ද අමාත්‍යවරයා පශු සම්පත් සංවර්ධන අංශයට දැනුම් දුන්නේය.
පවතින දැඩි නියඟය නිසා ඇති වී තිබෙන ජල හිඟය හේතුවෙන් දෛනික කිරි නිෂ්පාදනය පහල ගොස් ඇතැයි ගොවීහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටික දවසකින් නියන් රකුසා සතුන් පමණක් නොවෙයි, මිනිස්සුන්ටත් දත නියවනවා.