(ප්‍රසාද් රුක්මල් ) 

නාය යාමට ලක්වූ  බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 6 කණුව ප්‍රදේශයේ මගී ප්‍රවාහන බස්රථ සහ පාසල් සිසුන් ප්‍රවාහනය කරන පාසල් බස්රථ ධාවනය සදහාද අවසර ලබා දුන් බව හාලිඇල පොලිසිය පවසයි .

නාය යාමට ලක්වූ මාර්ගය හරහා මගී ප්‍රවාහන බස්රථ ඇතුලු බරවාහන  ධාවනය ඊයේ (10) පස්වරු 6.00 සිට ධාවනය නතර කර දැමීමට තීරණය කළ බවද හාලිඇල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක රුවන් ගුණතිලක මහතා පැවසීය .

 ඒ අනුව බදුල්ල  කොළඹ ප්‍රධාන මාර්ගයේ ධාවනය වන මගී  ප්‍රවාහන බස්රථ ඇතුලු බරවාහන ධාවනය සදහා විකල්ප මාර්ගය ලෙස බදුල්ල හාලිඇල ඇටම්පිටිය  මාලිගාතැන්න හරහා බණ්ඩාරවෙල  මාර්ගය  හදුන්වා දී තිබූ අතර , පසුව පැය කීපයකට පසුව යළි ඊයේ (10) රාත්‍රි සිට  මගී ප්‍රවාහන බස්රථ සහ පාසල් සිසුන් ප්‍රවාහනය කරන පාසල් බස්රථ වලට මාර්ගයේ ගමන් කිරීමට අවසර දී තිබේ.