(යොහාන් භාසුර)
පක්‍ෂය දැනුවත් නොකර වර්තමාන ආණ්ඩුවේ ඇමති ධූරගත් නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අරමිවීර යන මහත්වරුට එරෙහිව නිසි වෙලාවට පියවර ගන්නා බවත් පක්‍ෂයේ නීති දෙකක් තිබිය නොහැකි බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.
පක්‍ෂය දැනුවත් නොකර තනතුරු ගත් ශාන්ත බණ්ඩාර සහ සුරේන් රාඝවන් යන මහත්වරුන්ට විරුද්ධව පක්‍ෂයක් හැටියට පියවර ගත්තනා නම් පක්‍ෂය දැනුවත් නොකර තනතුරු ගැනීම සම්බන්ධව එම දෙදෙනාට විරුද්ධව ද පියවර ගතයුතු බව කී දයාසිරි ජයසේකර මහතා එක පිරිසකට එක නීතියකුත් තව පිරිසකට තව නීතියකුත් තිබිය නොහැකි බව ද සඳහන් කළේය.
ඔවුන් සම්බන්ධයෙන් පියවර ගෙන අවශ්‍ය කරන කටයුතු ඉතාම ඉක්මණින් කියන බවත් ජයසේකර මහතා වැඩි දුරටත් කීය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මරදානේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (31) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි, මුළු රටම පහතට තල්ලු කිරීමට මූලික අඩිතාලම දැම්ම කෙනෙක්ට මොකද කරන්නෙ?
සහතිකයි මෛත්‍රීපාලට කෙන්දක් නෑ ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්ඩ. අවසානයේ දයාසිරිත් ශ්‍රීලනිපයෙන් ඉල්ලා අස්වෙනව. ඉන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නැතිවෙනව. මෛත්‍රීපාලට පාස්කු ප්‍රහාරයෙන් සිරගත වීමට සිදුවෙනව.
ඇත්තෙන්ම මේ රටට මේ තරම් කෙළවෙලා තියෙද්දී මේ මුග්ධයින් ඔවුන්ගේ පක්ෂය කරතබාගෙන යනවා. ඒ නිසා කවදා නමුත් මේ රටේ දැනට පවතින පාලන ක්‍රමය වෙනස් කළ යුතුයි. මේ අය හිතන්නේ රටට වඩා ඔවුන්ගේ පක්ෂය රැකීමයි..
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකරද ඇතුළුව ඔවුන් සියලුදෙනා සම්බන්ධයෙන් තීන්දුවක් ගෙන අවශ්‍ය කටයුතු ඉතාම ඉක්මණින් අවසන් කිරීමට ගෑස්, ඉන්ධන සහ කිරිපිටි පෝලිම්වල සිටින ජනතාව මැතිවරණයක් එනතුරු බලා සිටියි...
නිමල් සිරිපාලට ගහලා එළවන්න ඕනේ.. මොන පක්ෂයෙන් ඉල්ලුවත් මනාපෙ දෙන්න එපා. 2020/21 කොරෝනා වෙලාවෙදී විදේශ ශ්‍රමිකයෝ බඩගින්නේ පිටරට පාරවල්වල දුක් විඳින කොට, විදේශ සේවා කාර්යාංශයේ ගිණුමේ රුපියල් බිලියන ගණනක් තිබුණත්, මොහු ඒවා වියදම් කරලා අසරණ විදේශ ශ්‍රමිකයෝ අඩුම වශයෙන් කාන්තාවන් වත් නිරෝධායනය කරලා ලංකාවට ගන්න කැමැති වුණේ නැහැ. මොවුන් හදන්නේ එකඑක පිල්වලට බෙදිලා 2025 වෙනකන් බලයේ ඉන්න. 225 ම එපා. ගොබ්බසේනත් එපා. අපිට ඕනේ අලුත් ඡන්දයක්...
මොවුන් කාලයක් මයිනා සමග රට කනවා.. ඉන්පස්සේ සිරිසේන, රනිල් පිලට පනිනවා. ඉන්පසු කාලයක් සිරිසේනගේ පිලේ ඉන්නවා. ඊට පස්සේ ගොබ්බසේනගේ සහ රනිල්ගේ පිලට පනිනවා. මේ හොරු ගෙදර යැවීමට කාලය හරි...
එල්ලන්න ඔන එවුන්ව අයෙත් ගන්නව කියන්නෙ බරපතල දේපල හා ජීවිත හානියක් අත ලග කියන එකයි.