
(කේ.ආර්.රජමන්ත්‍රී)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක් සහිතව පැමිණි තරුණයන් දෙදෙනකු සැකපිට අත් අඩංගුවට අඹගස්දෝව පොලිසිය පවසයි.
ජනාධිපති අපේක්ෂක හා පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්විමේ ආරක්ෂාව සදහා අවට පොලිස් ස්ථානවලින්ද නිළධාරින්ද කැදවා තිබුණි.
එම රැස්විම පැවැත්වෙන අතරතුරදි ඌවපරණගම ප්‍රදේශයේ පදිංචී පාසැල් සිසුවකු හා විශ්ව විද්‍යාල සිසුවකු රැස්ව්ම් ශාලාවට ඇතුළු විමට උත්සහා දැරිමේදි එහි සිට් අඹගස්දෝව පොලිසිය හා බණ්ඩාරවෙල විශේෂ අපරාධ අංශයේ පොලිස් නිළධාරින් විසින් පරික්ෂාවට ලක්කර තිබේ.
එම තරුණයන් සන්තකයේ ප්ලාස්ටික් පිස්තෝලයක් තිබි හමුවිමෙන් පසු ඔවුන් අත් අඩංගුවට ගෙන මෙසේ වැලිමඩ පොලිසියට භාරදුන් බව අඹගස්දෝව පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ආර්.එම්.එස් .රත්නායක මහතා පවසයි.
තම දෙමාපියන් එම රැස්විම් ශාලාවේ සිටිම නිසා තමන් දෙදෙනා ආපසු නිවෙස් බලා යන බවට දැනුම්දිමට මෙසේ රැස්විම් ශලාවට පැමිණි බවට පැවසු බවත් වැලිමඩ පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හානේ ...මහින්ද මහත්තයා ඡන්දේ කරද්දී වගේමයි. කොටි නැගිටින සීන් එකට ළඟින් යන්නේ... (හෙට නිව්ස් එක ; නාමල් මහතා සිසුන් නිදහස් කරන මෙන් ඉල්ලා සිටියි..)
සෙල්ලම් පිස්තෝල වැඩක් නෑ... කොල්ලෝ... ඇත්ත එකක් ගෙනෙල්ලා..!
සෙල්ලම් පිස්තෝලයකට බය මිනිහෙක්ද රටේ ජනාධිපති වීමට තටමන්නේ? ඇත්ත එකක් වුණා නම් තමයි කුරහන් සාටකේත් බිම හැලි හැලී අප්පච්චි ළඟට දුවගෙන දුවගෙන යන්නේ...!!!
අහිංසකයින් දෙන්නෙක් බව පැහැදිලියි...!
අපරාදෙ මැණික් මල්ලක් අරන් යන්න තිබුණේ...!
පව්. කොල්ලො මන්ත්‍රී කිට් එකක් ඇඳගෙන උන්නනම් ඇත්ත පිස්තෝලයක් පතුරොම් පුරෝලම ඉනේ ගහගෙන ස්ටේජ් එකටම නගින්න තිබුනා.
බේබි එක්ක සෙල්ලම් කරන්න ඇවිත් වගේ
මේ පාර දිනන නිසා තර්ජන වැඩි ඇති
දෙමාපියන්ට කීකරු දරුවො කියන්න පුළුවන්. ඒත් ඉතින් විශ්ව විද්‍යාල සිසුවෙක් සෙල්ලම් පිස්තෝලයක් අරගෙන ඇවිල්ලා ඇත්තෙ පොහොට්ටුවෙ සැලසුමක් වෙන්න පුළුවන්. මොකද ජනතාව කැමැත්තක් නැතිම කෙනෙකුට ජීවිත තර්ජනයක් තියෙනවා කියලා මවාපෑමක් කරන්න කරපු දෙයක් කියලා කාටවත් හිතන්නේ නැද්ද.
බේබි ජෙප්පො වෙන්න ඇති
සිඟිති පාතාලේ. මොවුන් තමයි මළ ගෙදර පෝස්ට් වලටත් අපි නම් මාලිමාවට කිය කියා හැමතැනම වැළලෙන්නේ... ඡන්දෙත් නැතුව ඇති තාම...!
ට්‍රයල් එකක් වෙන්න බැරි නෑ ආරක්ෂාව පරික්ෂා කරන්නත් එක්ක.
නාමල් බබෙක් නිසා සෙල්ලම් කරන්න ගෙනාපු දේ දෙන්න කරුණාකරලා