ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ නිර්දේශ මත, දැනට පවතින ඇඳිරි නීතිය සහ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සලකා බැලීමෙන් පසුව පෙරගෙවුම් පාරිභෝගිකයන් වෙනුවෙන් අමතර ඇමතුම් කාලයක් ලබාදීමට දුරකථන සේවා සපයන සමාගම් එකඟ වී ඇත.
ශේෂය අවසන් වූ පාරිභෝගිකයන්ට හදිසි ණය මුදලක් ප්‍රදානය කිරීමටද එම දුරකතන සේවා සමාගම් කැමැත්ත පළ කර තිබේ.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමග පැවති සාකච්ඡාවකදී දුරකතන සමාගම් මෙසේ එකඟතාවට පැමිණ තිබේ. ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේදයන් ඉතා ඉක්මනින් සකස් කරන බවටද ජංගම දුරකතන සේවා සමාගම් පොරොන්න්දු වී ඇත.
2025 නොවැම්බර් මස 17
24
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
872
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2507
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
නොමිලේ ඇමතුම් කාලයක් සමග දත්ත හුවමාරුව
samantha Sunday, 22 March 2020 10:58 AM
ඔව්, කන්ඩ බොන්ඩ නැතත් ෆෝන් එක නම් තියෙන්ටම ඕනේ. නැත්නම් ඉතින් ඕපදුප කියාගන්ට විදියක් නැතුව පිස්සු හැදෙයි.
chandimaSunday, 22 March 2020 04:32 PM
ගොන් අදහස් දාන්න එපා. දුරකතනයක් කියන්නේ අද තමන්ගේ ලයිෆ් ලයින් එකක් විදියටයි වෙනත් රටවල් සලකන්නේ. ඇමෙරිකාවේ පවා මේ ක්‍රමයට සීමාවකින් තොරව අධිවේගී අන්තර්ජාල පහසුකම්, දුරකථන පහසුකම් ආදිය ලබාදුන්නා. බොහෝ රටවල් වලත් එහෙම්මමයි. ක්ෂණික පණිවුඩ හුවමාරුවක් රටේ ආරක්ෂාවට, සෞඛ්‍ය සේවාවට පමණක් නොවෙයි මුල්‍ය කටයුතු වලට සහ අධ්‍යාපනයටත් අත්‍යාවශ්‍යයි.
de silva Sunday, 22 March 2020 12:07 PM
ඔය කියන සමාගම් වෙළද දැන්වීම් වලින් ප්‍රකාශ කරන පරිදි අපේ රටට සහ පුරවැසියන්ට මෙපමන් ආධාරයක් තිබෙනවා නම්, ගෘහස්ත ඉන්ටෙර්නෙට් සැපයුම් වලට , ඇති GB සිමාව මේ ඇදිරි නීතිය පවතින කාලයට ඉවත් කරන්න , එතකොට මිනිස්සු ගෙවල් වල ඉඳගෙන අන්තර්ජාලයේ සරිසරවී නැතිනම් කාන්සියට රටවටේ යන්න ගනීවි .