
(මනෝප්‍රිය ගුණසේකර)
ඉදිරි මහ මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් තරග වැදීමට ස්වාධීන කණ්ඩායමක්ද, කෑගල්ලදිස්ත්‍රික්කය වෙනුවෙන් ‘ප්‍රජාතන්ත්‍රවාදී ජනතා හඬ’ දේශපාලන පක්ෂයද කුරුණෑගල,පුත්තලම සහ බදුල්ල දිස්ත්‍රික්ක වෙනුවෙන් ‘සිංහල දීප ජාතික පෙරමුණ’ද ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන් ගත්තීරණ අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබු පෙත්සම් සම්බන්ධයෙන් නොතිසි නිකුත් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණ ප්‍රතික්ෂේප කළේය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් යුරේෂා ද සිල්වා මහත්මිය ඉදිරිපත්කළ කරුණු සලකා බැලු ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් සම්බන්ධයෙන් නොතිසි නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීතී පද්මන් සූරසේන, අචල වෙන්ගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යනමහත්වරුන්ගෙන් සැදුම්ලත්' විනිසුරු මඩුල්ලක්හමුවේ පෙත්සම සලකා බැලීණි.
කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් නායක අශෙන් සේනාරත්න සහ ඉන්ද්‍රජිත් පෙරේරාන මැත්තන්ද කෑගල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් තරඟ කිරීමට ‘ප්‍රජාතන්ත්‍රවාදී ජනතා හඬ’ පක්‍ෂය වෙනුවෙන් එහි ලේකම් පී ජයසිංහ මහතාද කුරුණෑගල, පුත්තලම සහ බදුල්ල දිස්ත්‍රික්ක වෙනුවෙන් තරඟ කිරීමට ‘සිංහල දීප ජාතික පෙරමුණ’ වෙනුවෙන්' එහි ලේකම් ජයන්ත ලියනගේ යන මහත්වරුන්ද ගොනුකොට තිබූ මේ පෙත්සම්වල වගඋත්තකරුවන් වශයෙන් අදාළ ප්‍රදේශවල තේරීම් බාර නිලධාරින්සහ මැතිවරණ කොමිසම නම් කර තිබිණී.
තම නාම යෝජනාපත්‍ර භාරගැනීමට අදාල තේරීම් භාර නිලධාරීන් ප්‍රතික්ෂේප කිරීම නීතියට පටහැනි බව සඳහන්කරමින් පෙත්සම්කරුවෝ මෙම පෙත්සම් ගොනු කර තිබිණී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැලි රැව්ල තියන අයට මොන ජන්දද? නේද!
නාමයෝජනා භාරගත් අවසාන දිනයේ ඇතැම් අය තේරීම්භාර නිළධාරීනට සහ කොමිසමට නේකවිධ අවලාද නැගුවා මාළු කඩේ වගේ. දැන් උසාවිය ඉදිරිපිටත් එහෙම කරලා තව පොඩි උත්සාහයක් දැරුවානම් හොඳයි. තම තමන් පිළිබඳව තක්සේරුව පිළිබඳව නැවත විමසාබලා තේරුම් ගන්න ඕන. අනෙක වැඩක් කරනකොට අදාල ක්‍රමවේදයන් දැනගෙන කරන්න ඕන.
ගයිස් මම කෑ ගහනවා
මැතිවරණ කාර්යාලයේ දී යකා නටපු එකාටත් හොඳ වැඩේ වුනේ?