නේපාලයේ පොකාරා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ධාවන පථයේදී යෙටී ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අනතුරට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනතුර සිදුවන අවස්ථාවේදී මගීන් 68 දෙනකු සහ කාර්ය මණ්ඩලය හතර දෙනකු ගුවන් යානයේ සිට ඇති අතර පරණ ගුවන් තොටුපොළ සහ පොකාරා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අතරදී මෙම අනතුර සිදුව තිබේ.

මුදවා ගැනීමේ මෙහෙයුම් මෙම අවස්ථාවේ ක්‍රියාත්මක වන බවත් අනතුරින් දිවි ගලවා ගත් සංඛ්‍යාව පිළිබඳ මෙම අවස්ථාවේ ප්‍රකාශ කළ නොහැකි බව නේපාල බලධාරීන් ප්‍රකාශ කර ඇත.

අනතුර හේතුවෙන් ගුවන් යානයේ ගින්නක් ද හටගෙන ඇති අතර මුදවා ගැනීමේ නිලධාරීන් ගින්න නිවා දැමීමට උත්සහ කරමින් සිටින බව නේපාල බලධාරීන් පවසා තිබේ.

(034)