
(ලාල් එස් කුමාර)
තුන් නිවුන් දරු උපතකට සූදානම්ව සිටී ගැබිණි මවක් රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මවත් දරු තිදෙනාත් මිය ගිය බව මවගේ ඥාතීහු පවසති.
මෙසේ මියගොස් ඇත්තේ කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක් වන ගෝනවල පමුණුවිල විද්‍යාලයේ සමාජ විද්‍යාව විෂයයන් ඉගැන්වූ කුඩාබදුගේ ලවන්ති චතුරි ජයසූරිය නමැති 36 හැවිරිදි ගැබිණි මවකි .
ඇය විවාහ වී දරුවන් නොමැතිව අවුරුදු අටකට පසුව ගැබිණියක් වී දරු සුරතල් බැලීමේ ආසාවෙන් සිටි බව ඇගේ සැමියා පවසයි.
මාකොළ උතුර මාකොල පදිංචි මියගිය ඇයගේ සැමියා වන අමිල සමරවීර මහතා මෙසේද පැවසීය.
දරුවා පිළිසිඳ ගත් දා සිට නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක විශේෂඥ වෛද්‍යවරයකුගේ උපදෙස් පරිදි ඉකුත් 28 වැනිදා රාගම රෝහලට ඇතුළත් කළා. ඒ වනවිට කුසට සති විසි තුනක් වනවා.
29 වැනිදා රාත්‍රියේ ඇයට අමාරු වුනා.තිස් වෙනිදා උදේ දැඩි සත්කාර ඒකකයට දැම්මා . දෙවැනි දා හවස් වන විට බිරිඳත් දරු තිදෙනාත් මියගොස් බව දැනුම් දුන්නා.
රෝහලේ නොසැලකිල්ල නිසා මෙය සිදුවුණා. ඒ පිළිබඳව මම ඉදිරියේදී පැමිණිලි කිරීමට බලාපොරොත්තු වෙනවා යැයි මියගිය ඇයගේ සැමියා වන අමිල සමරවිර මහතා චෝදනා කරයි.
මවගේ සහ දරු තිදෙනාගේ අවසන් කටයුතු අද සවස සිදු කෙරිණි.
මේ සම්බන්දයෙන් රාගම ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක රණවීර මහතාගෙන් කළ විමසීමකදී මෙසේ පැවසීය .
නූපන් දරුවන් සහ මව මියගියේ රෝහලේ වරදින් නොවේ.
මෙම මව දරුවන් නොමැතිව වසර ගණනාවක් සිට පසුව පෞද්ගලික රෝහලකින් නල දරු උපතක් සඳහා ගර්භාෂයේ ඩිම්බ තැන්පත් කිරීමක් සිදු කර ගෙන තිබෙනවා. මේවා රජයේ රෝහල්වල සිදුකරන්නේ නැහැ.
ලක්ෂ ගණන් වියදම් කර පෞද්ගලික රෝහල්වලින් මේ දේවල් කරගන්නවා. එම වෛද්‍යවරුන් ඩිම්බ කිහිපයක් තැන්පත් කිරීම කරනවා. එසේ කරන්නේ එක ඩිම්බයක් වත් හරි යාවි යන බලාපොරොත්තුවෙන් . නමුත් මේ මවට ඩිම්බ තුනම සංසේචනය වී කළල තුනක් වැදිලා තිබෙනවා.
කෙසේ හෝ සති විස්සක් පමණ වන විට අසාධ්‍ය වී රාගම රෝහලට ඇතුල් වෙලා තියෙනවා .රෝහල් කාර්ය මණ්ඩලයේ දැඩි වෙහෙසක් ගත්තා මෙම මවත් දරු දෙදෙනාත් බේරා ගන්න.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමාරු වුණාම රජයේ රෝහලට තල්ලු කරලා දාන දොස්තරලාට විරුද්ධවත් පැමිණිලි කරන්න.
රෝහලේ අධ්‍යක්ෂක කියන විදියට කළල තුනක් තිබීමද මරණයට හේතුව?
බොහෝ පෞද්ගලික රෝහල් වල අරමුණ මුදල් ඉපයීම බව කවුරුත් දන්නා කරුණක්.හොඳ පෞද්ගලික රෝහල් සඳහා මේ ලියන දේ අදාළ නැහැ.ඉතා ඉහළ තාක්ෂණයෙන් හෙබි පෞද්ගලික රෝහල් වල රෝගියාගේ ලෙඩේ සුවවෙන තුරුම ඔහු රඳවා ගනු ලබන වගකීම ඔවුන් දරනවා.ඒ සඳහා අති විශාල ලෙස මුදල් වැයවෙන නිසා රටේ මධ්‍යම පාන්තික ජනතාවට එම රෝහල් වලට යන්නට හැකියාවක් නැහැ.ඒ සඳහා ඇති හැකි අය වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය වරුන් හෝ ගෙන්වා රෝගියාව සුවවෙන තුරු එම පෞද්ගලික රෝහල තුළම රඳවා ගනු ලබනවා.ඒත්,ඇතැම් පෞද්ගලික රෝහල් ලෙඩා ගැන කෙසේ වෙතත් තම බිල පමණක් ගැන සිතා හැකි තරම් කාලයක් රෝගියා රඳවාගෙන මැරෙන්න ඔන්න මෙන්න කියා තිබියදී රජයේ රෝහල් වෙත යවනවා.එවන් විට රජයේ රෝහල් වල කාර්ය මණ්ඩල වලට ප්‍රතිකාර කිරීමට කාලයක් නැහැ.මා දන්නා මාතාවක් මෙලෙස නිකරුනේ මියගියා. මේ පෞද්ගලික රෝහල් නිසි ලෙස නියාමනය කළ යුතුයි.එසේම,ඒවා සඳහා නීති රීති සකස් කළ යුතුව පවතී.
අවු 8කට පස්සේ දරු සුරතල් බලන්න හැමදාම එක වගේ ආදරේ කරන්න අවුරුදු 8ක් තිස්සේ තිබ්බ මානසික පීඩනය නැති කරගන්න තමා..දරු කලල 3ක් ගාර්භාෂයේ තැන්පත් කරන්නේ…එ හැම බලාපොත්තුවක්ම හිතන්නේ නැතුවම නැතිවෙලා යනවා…දැන් එ පිරිමියා මේ හැම දුකක්ම තනියෙන් විදින්න ඕනා..තව ප්‍රශ්නයක් තියෙනවා ඔය නල දරු කලල අලුත් එවාද පරන එවාද ? එක නිසා නල දරු උපත් 25% වගේ තමා හරියන්නේ…එ අයට තමන්ගේ ලේ වලින් දරුවො නැත්තං (කලල තියන්නේ නැතුව)දරුවෙක් හදාගන්න….(ලමා නිවාසෙකින්) දැන් හැමදේම ඉවරයි..මේ හැමදෙකම එකම නිතියයි තියෙන්නේ ස්භාවධර්මය..
රජයේ රෝහල්වල රස්තියාදු වෙන්න එපා... පුද්ගලික රෝහලකට යන්න.
රාගම හොස්පිටල් එකේ මිනිස්සු මරනවා ඔයිට කලිනුත් රටම දැක්කා. ඒවාට නිසි පියවරක් ගන්නේ නැති නිසා වටිනා ජීවිත අකාලේ නැතිවෙනවා. ඇයි වගකිවයුත්තන් නිහඬ
මේ රාගම රෝහලේ අධ්‍යක්ෂක දොස්තර කියන හැටියට වැරැද්ද දරුවන් නැති නිසා කෘතිම ඩිම්බ තැන්පත් කිරීම නිසා... ඉතින් ඒක උල තුනම හරි ගිය එකද වැරැද්ද? එහෙම නම් ඒ බව පැහැදිලි කරලා දීලා ඒ අම්මාය බේරාගන්න බැරි වුනේ ඇයි කියන එකට උත්තරයක් නෑ...