(එම්.සුසිල් පියන්ත)
බලපිටිය මහ පාලම අසල මෝය කටේ දිය නෑමට ගිය පාසල් ශිෂයකු අද(14) පස්වරුවේදී අතුරුදහන්වී ඇතැයි අහුන්ගල්ල පොලීසිය කියයි.
මෙසේ අතුරුදහන්වී ඇත්තේ කොට්ටාව මත්තෙගොඩ පදිංචි කොට්ටාව ආනන්ද විදුහලේ ඉගෙනුම බිතික රිසදු නමැති දහතුන් හැවිරිදි දරුවෙකි.
බලපිටියේ වෙසෙන ආච්චි,සීයා බැලීමට ඊයේ(13)කොට්ටාව සිට බලපිටියට පැමිණ සිටියදී මේ දරුවා මේ අනතුරට ලක්වී ඇති බව ද පොලීසිය කියයි.
මේ සිසුවා දන්නා හදුන තවත් දරුවන් දෙදෙනෙක් සමග මාදු ගගේ බලපිටිය මහ පාලම අසල මෝය කටේ දිය නෑමට ගොස් සිටියදී මේ දරුවා හදිසියේ හා රළ පහරකට ගසා ගෙන ගොස් අතුරුදහන්වී තිබේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවසකට එකෙක් හරි ගිලිලා මැරෙන එකෙන් හරි අපි වාර්තාවක් තියලා ඉන්නේ. අපට වඩා හොඳටම කොරන වෙන රටක් දන්නවා නං අටපට්ටමට කියන්ටෝනැ හොඳේ !