IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට

(ගයාන් සූරිය ආරච්චි සහ ජේ ඒ එල් ජයසිංහ)

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී  සේවය අතහැර ගිය කොස්තාපල්වරයෙකු ඇතුළු සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව මන්දාරම් නුවර පොලිසිය පවසයි. 

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී එක් සැකකරුවෙකු එම ස්ථානයෙන් පලායාමේදී ඔහු පසුපස දිව ගිය සැරයන්වරයකු ලිස්සා වැටීමේදී ඔහු සන්තකයේ  තිබූ ගිනි අවිය ක්‍රියාත්මක වී  සැකකරුට උණ්ඩයක් වැදීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ සැකකරු මන්දාරම් නුවර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන්  මාරස්සන, කැකිරාව, මාතලේ සහ මැණික් ඉන්න ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි. 

සැකකරුවන් නිදන් හැරීම සඳහා පැමිණි මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථ  දෙකක් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.එක් සැකකරුවෙකුට වෙඩි වැදීම හේතුවෙන්   එම ගිනි අවිය භාරව සිටි  සැරයන්වරයා  අත්අඩංගුවට ගෙන ඇත.

 



අදහස් (1)

නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට

සොරිසේන Tuesday, 01 October 2024 10:37 AM

සිරි ලංකාවේ සංවිධානාත්මක අපරාධ 90% කට පොලොස් බාප්පිලා අනිවාර්යයෙන් සම්බන්ධ වෙලා ඉන්නේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 697 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site