IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


නිධන් හෑරු අඹුසැමි යුවළක් මාට්ටු

(නිමල් ජයරත්න)

පොලොන්නරුව ලක්ෂ උයන ගම්මානයේ ගෙවත්තක වගා ළිඳක් තුළ නිදන්වස්තු කැණීම් කරමින් සිටි, අඹුසැමි ඇතුළු සිව්දෙනකු පළවෙනිදා සවස අත්අඩංගුවට ගත් බව අරලගංවිල විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

මෙම සැකකරුවන් සමග නිධන් හෑරීමට යොදාගත් යකඩ ඉනි, අලවංගු, පූජා භාණ්ඩ, ඇතුළු නිදන්වස්තු කැණීම් කිරීමට යොදාගත් සියලු ද්‍රව්‍ය ,අත්අඩංගුවට ගෙන තිබේ,

මෙහිදී ගෙවත්තේ හිමිකාරිය, ඇයගේ ස්වාමියාත්, ලක්ෂඋයන ගම්මානයේ පදිංචි අයවලුන් අතර සෙසු සැකකරුවන් මින්නේරිය සහ පොලොන්නරුව ප්‍රදේශවල පදිංචිකරුවන් බවද අරලගංවිල විශේෂ කාර්ය බලකාය පවසයි,

වගාලිද තුල නිදන් වස්තු ඇති බවට නිවසේ හිමිකාරියට හීනයකින් පෙන්නුම් කර ඇති බවද ඔවුන් විශේෂ කාර්ය බලකායට පවසා තිබේ,

අත්අඩංගුවට ගත් සැකකාරියගේ දරුවන් සිව්දෙනාම ඕස්ට්‍රේලියාවේ රැකියා කරන අයවලුන් වේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලොන්නරුව පොලිසියට භාරදුන් බවත්, ඔවුන් පොලොන්නරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.



අදහස් (1)

නිධන් හෑරු අඹුසැමි යුවළක් මාට්ටු

Chathuranga Sunday, 02 July 2023 09:23 AM

තමන්ට නිසි පරිදි අයිති ඉඩමක ළිඳක් ඇතුලේ නිධන් හාරන්න හරි, අපායට උමඟක් හාරන්න හරි කාගෙන්වත් අවසර ගන්න ඕනෑද? අනික මේ කියලා තියෙන විදියට ඒ පවුලේ ළමයි ඉන්නේ ඕස්ට්‍රේලියාවේද, ඉතියෝපියාවේද කියන එකේ තියෙන අදාලත්වය මොකක්ද?

:       2       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 499 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site