(දයාරත්න ඇඹෝගම)

සියබලාගහගම ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක  නිදන් හාරමින් සිටි ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සේවකයන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකු අත්අඩංගුවට ගත්බව ගාලදිවුල්වැව පොලිසිය පැවසිය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නපුර,රාජාංගණය,බුලත්සිංහල,සියබලාගහගම යන ප්‍රදේශව පදිංචි වයස අවුරුදු 25ත් 56ත් අතර වියේ පසුවන පුද්ගලයන් හත් දෙනෙකි.

මොවුන් අතර තඹුත්තේගම ප්‍රදේශයේ ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සේවය කරන පුද්ගලයන් දෙදෙනෙකුද සිටින බව පොලිසිය පැවසිය.

පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ මෙම වැටලිමේදි නිදන් හාරමින් සිටි මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇත.