(විමුක්ති එස් රුද්‍රිගු)
කඩවත නගර මධ්‍යයේ පිහිටි නිවසක පොළොව හාරා නිධානයක් ගොඩ ගැනීමට ගිය යකදුරකු ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකු ඊයේ (25) අත් අඩංගුවට ගත් බව කඩවත පොලිසිය ප්‍රකාශ කළේය.
අත් අඩංගුවට ගත් සැකකරුවන් 8 දෙන කඩවත සහ වැලිවේරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව කඩවත පොලිසිය පැවසුවේය.සැකකරුවන් සමග නිධානය හැරීමට භාවිත කළ පොලව හාරන යන්ත්‍රය, වතුර මෝටරය සහ අනිකුත් උපකරණ පොලිස් භාරයට ගත් බව කඩවත පොලිසිය සඳහන් කළේය.
සැකකරුවන් අද (26) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම නිවස ටෙලි නාට්‍ය කිහිපයකම චරිත සඳහා දායක වූ රංගන ශිල්පියෙකුට අයත් නිවසක් බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
නිධන් ගන්න ගිය 8ක් මාට්ටු