(විමුක්ති එස් රුද්‍රිගු)
කඩවත නගර මධ්‍යයේ පිහිටි නිවසක පොළොව හාරා නිධානයක් ගොඩ ගැනීමට ගිය යකදුරකු ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකු ඊයේ (25) අත් අඩංගුවට ගත් බව කඩවත පොලිසිය ප්‍රකාශ කළේය.
අත් අඩංගුවට ගත් සැකකරුවන් 8 දෙන කඩවත සහ වැලිවේරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව කඩවත පොලිසිය පැවසුවේය.සැකකරුවන් සමග නිධානය හැරීමට භාවිත කළ පොලව හාරන යන්ත්‍රය, වතුර මෝටරය සහ අනිකුත් උපකරණ පොලිස් භාරයට ගත් බව කඩවත පොලිසිය සඳහන් කළේය.
සැකකරුවන් අද (26) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම නිවස ටෙලි නාට්‍ය කිහිපයකම චරිත සඳහා දායක වූ රංගන ශිල්පියෙකුට අයත් නිවසක් බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd