IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


නිදහස සමරද්දී පාරවල් අවහිර කරන්න එපා

(මනෝප්‍රිය ගුණසේකර)

නිදහස් උත්සවය පැවැත්වෙන කාලය තුළ ගාලුවමෝදරට යන මාර්ග අවහිර නොකරන්නැයි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද තහනම් නියෝගයක් නිකුත් කළේය.

ගල්ඔය සිරිධම්ම හිමි, ජෝසප් ස්ටාලින්, දුමින්ද නාගමුව ඇතුළු 27 දෙනකු නම් කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

නිදහස් උත්සවය පැවැත්වෙන කාලය එය කඩාකප්පල් කිරීම සඳහා ගාලුමුවදොර මාර්ග අවහිර කිරීමට යන බවට බුද්ධි අංශවලට තොරතුරු ලැබී ඇතැයි කියමින් කොටුව, කොම්පඤ්ඤවීදිය,  සහ කොල්ලුපිටිය පොලිස් ස්ථාන කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා අදාල නියෝගය නිකුත් කළේය. 



අදහස් (9)

නිදහස සමරද්දී පාරවල් අවහිර කරන්න එපා

ජගත් ලියනගේ Friday, 03 February 2023 03:14 PM

මම නීතිය ගැන නං වැඩිය දන්නේ නැහැ. වෙයි කියලා අනුමාන කරලා තහනම් නියෝග දෙන්න පුළුවන්ද?

:       66       24

සමන්-ඕමානයFriday, 03 February 2023 04:18 PM

මොකද බැරි? ඕක මෝඩ ප්‍රශ්නයක්. මහේස්ත්‍රාත් තුමා එම නියෝගය දුන්නේ නීතියට පටහැනිව කියලාද ඔයා හිතුවේ? ඒක ඉතා හොඳ නියෝගයක්. අපි කවුරුත් ශ්‍රී ලාංකිකයින් විදිහට ජාතික දිනය ගරු සරු ඇතිව සමරන්න ඕනෑ. එක එක හාල්පාරුවන්ට, පොල් බුරුවන්ට, අමනයින්ට ඕනෑ විදිහට ඒක කඩාකප්පල් කරන්න දෙන්න බෑ.

:       26       147

eresh Friday, 03 February 2023 03:27 PM

හොඳ පිළිතුරක්...

:       6       47

Dinesh Friday, 03 February 2023 04:23 PM

ඔව්, එහෙම උද්ඝෝෂණ කරල පාර වහන එක වැරදි තමය. නිදහස් උත්සවය නිසා ඒ පැත්තෙ පාරවල් පොලිසිය දාලා වැහුවට කමක් නෑ.

:       34       8

Prase Friday, 03 February 2023 04:54 PM

ඔය වෘත්තීය සමිතිකාරයන්ට ඕන විදියට නටන්න දෙන්න, ඒකත් රජයේ නොවන මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීමක්.

:       9       24

Sara Friday, 03 February 2023 07:19 PM

හොරු හදපු රටවල් නෑ. මේ හොර කාලකණ්නි දේශපාලුවන් හා ඔවුන්ට කඩේ යන හොර බත්බැලයින් එලවනතෙක් රටට වගතුවක් නෑ...

:       30       15

Lal Friday, 03 February 2023 07:34 PM

උද්ඝෝෂණ දැන් විහිළුවක් වෙලා...

:       10       56

සමන්ත Saturday, 04 February 2023 12:54 AM

එතකොට නිදහස් උත්සවය කියලා පාර වැහුවට කමක් නැද්ද? ඒ මගින් ජනතාවට අපහසුතාවයක් නැද්ද? එක් කට්ටියක් පාර වහනවා. තව කට්ටියක් පාර වහයි කියලා බයට නියෝග දෙනවා. නීතිය හැමට එකම විය යුතුයි.

:       2       0

arawinda Saturday, 04 February 2023 04:45 PM

මංමාවත් අවහිර කරගෙන, පුවත්පත් අවහිර කරගෙන.., පාලකයින්ට පමණක් නිදහස සීමා කරගෙන සමරන මේ අරුම පුදුම නිදහස් දිනය මොකක්ද?

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 199 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 61 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 755 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site