
(සුජිත් හේවාජුලිගේ)
අසංවේදී අන්තනෝමතික වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව පරාජය කිරීමට විපක්ෂයේ පළල්ම දේශපාලන සන්ධානය ගොඩනැගීම සඳහා සමගි ජන බලවේගය ජාතික ජන බලවේගය පක්ෂ ඇතුළු විපක්ෂයේ ලොකු කුඩා සියලු දේශපාලන පක්ෂ සමඟ ළගදීම සාකච්ඡා කරන බව නිදහස් ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ කඹුරුපිටියේ පැවති ජන හමුවකදීය.
ඩලස් අලහප්පෙරුම මහතා එහිදී මෙසේද සඳහන් කළේය.
මේ අසංවේදී අත්තනෝමතික වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව පරාජය කිරීමට නම් විපක්ෂයේ පළල්ම දේශපාලන පෙරමුණ හෝ සන්ධානය ගොඩ නැගිය යුතුයි. එහි ආරම්භයක් විදියට අප නිදහස ජනතා සභාව විපක්ෂයේ ප්‍රධාන ධාරාවන්වන සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය මෙන්ම අනෙකුත් සියලුම ලොකු කුඩා විපක්ෂ බලවේග සියලු දෙනා එක්ක කතා කරන්න සූදානම්.
පාලමේ සමරුපලකය ගහනවට වඩා, පාලමෙන් එතෙරවීමට පොර කෑමට වඩා, පාලම ඉදිකිරිමට නායකත්වයදීම නිදහස සභාවේ කැපවීමයි. මේ සඳහා කාටත් එකඟ විය හැකි පොදු වැඩපිළිවෙළක් නිර්මාණය කරගත යුතුයි. පුද්ගලයොත් එක්ක නොවෙයි. පක්ෂත් එක්ක නොවෙයි. අපි වැඩපිළිවෙළක් එක්ක එකතු වෙමු .මේකයි, මේ වෙලාවේ රටේ මිනිස්සුන්ට කරන්න පුළුවන් ඉහළම සාධාරණය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා "නෝ ඇක්ශන් ටෝක් ඔන්ලි" පුද්ගලයෙක් නිසා ඔවැනි කතාවලට දැන් අපට හිනා යනවා පමණයි...
මහින්දගේ බලුකුක්කන් ටිකට ආපහු රටේ ජනතාවගේ ඡන්ද ලැබෙන්නේ නැහැ... මොන පක්ෂ හදාගෙන ආවත්...
ඔබතුමා බලාපොරොත්තු වුණු දේවල් ලැබුණේ නැති නිසා, බොරුවට දඟලනවා. බලය තිබුණු කාලේදී නොකරපු දේවල්... දැන් කවදා කරන්නද? ඔබතුමාත් ගෙදර ගිහින් විවේකි සුවෙන් හිටියොත් නරකද දැන්..?
අවුරුදු ගාණක් හිටපු තැන වර්චස් වෙනකන් ඉඳලා දැන් අහිමි වුණු බලය ඒ වසර 72 හොරුත් සමග ආයෙත් සන්ධාන වෙලා අපිටම නාස්ලණුව දාන්න එන්නද හදන්නේ? ඇවිල්ලා බලමුකෝ...!
අනේ මේ අප්පුහාමි ඔහෙත් 1994 ඉඳලා පාර්ලිමේන්තුවේ හිටියා නේද? කරපු මගුලක් තියෙනවාද කියන්න? 18, 19 වගේම 20ටත් අත ඉස්සුවා නේද? මට හොඳට මතකයි ඔහේ වරක් කියනවා "අනාගතයට ඉව අල්ලන පත්තර කාරයෙක් හැටියට ඔහෙට නාමල් ගැන ලොකු ආඩම්බරයක් තියෙන බව" තව මොන බයිලාද උන්නැහේ මේ කියවන්නේ? කොහොමත් ලබන පාර බඩු පැක් කරගෙන ආපහු හිටපු ඇමරිකාවටම යන්න පුළුවන් වේවි... මොකද ඔහෙලාගෙන් බහුතරයක් ඡන්දෙදී ගෙදර තියන එක ඉර හඳ වගේ ස්ථිරයි...
මිනිස්සුන්ට කන්න නෑ. ගමනක් යන්න සල්ලි නෑ. ලෙඩකට බේතක් ගන්න සල්ලි නෑ. එහෙවු රටේ මේකලාට තියෙන්නේ අමුතුම ප්‍රශ්න. ඩලස් ඔබ අපේ බදුසල්ලි වලින් පඩි ගන්න කෙනෙක් නේද? පොඩ්ඩක් බිමට බැහැලා බලන්න.
ඔයාගේ ආයතනයේ ඉන්න විමල්ල වගේ අය එක්ක මොන සන්ධානද? ළඟින් ඉන්න ජීර්ණ වෙච්චි අය ඉවත් කරලා දාන්න...
මෙයා කවුද?
ඔබගේ අදහස කාලෝචිතයි. විපක්ෂය බෙදී ඉන්න තාක්කල් රාජපක්ෂලාගේ වැඩපිළිවෙල රනිල් කරදරයක් නැතිව ඉදිරියට ගෙනියනවා. මේ වෙලාවේ ජාතියක් හැටියට මේ ව්‍යවසනයෙන් රට ගලවා ගන්න JVP එක සුපුරුදු කල්ලි වාදය ඉදිරියට ගෙනයන බොරු ටිකක් කියලා මාරු නොවෙයි කියලා හිතනවා..
බෝතලේ මාරුවුණාට, ඇතුලේ තියෙන්නේ පරණ කසිප්පු... ඔය පක්ෂවල ඉන්න සුද්දවන්තයෝ ගැන රටම දන්නවා.
අන්තිමට නවතින්නේ පොහොට්ටුව සමග සන්දාන ගතවෙලා. මහින්දට තිබෙන පවෘෂත්වය ඔහෙලා කාටවත් නැහැ හලෝ. මහින්ද එක්ක තිබ්බාම අනුරලා සජියල මොක්කුද කියලා හිතෙනවා.