(යොහාන් භාසුර සහ ගයාන් සුරියආරච්චි)
නිදහස් දින පෙරහුරුව සඳහා සහභාගී වූ ආරක්ෂක අංශ සාමාජිකයින් සිව්දෙනෙකු පැරෂුට් සංදර්ශනයේ පෙරහුරුව අතරතුරදී බිමට ඇදවැටී තුවාල ලබා රෝහල් ගතකළ බව මහජන ආරක්‍ෂක අමාත්‍යංශය පැවසීය.
පැරෂුට් පෙරහුරුව අතරතුර ඉහළ අහසේදී පැරෂුට් දෙකක් එකිනෙක පැටලී අනතුර සිදුව ඇති බවත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පැරෂුට් භටයින් දෙදෙනෙක් සහ යුද හමුදාවේ පැරෂුට් භටයින් දෙදෙනෙක් අනතුරට පත්ව ඇති බවත් එම අමාත්‍යංශය කීය.
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නිදහස් දින නිමිත්තෙන් ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන පැරශුට් පෙරහුරුවේදි පැරශුට් නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ගුවන් හමුදා පැරශුට් බටයන් දෙදෙනෙකු තුවාල ලබා මීට සුළු මොහොතකට පෙර කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කළ බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය
පළාත් පාලන ආයතන ඡන්ද වීමසීමේ දී ඡන්ද ගණන් කිරීමේ ප්‍රතිඵල වගුගත කිරීමේ හා එකී කාර්යයන්ට සහය සේවා සැපයීමේ රාජකාරී සඳහා සහභාගී වී ඊට අදාළ පැමිණීමේ සහතික
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
‘නිදහස්’ පැරෂුට් අනතුරෙන් හමුදාවේ 4 ක් රෝහලට
Lakmal Tuesday, 30 January 2024 12:09 PM
සමරන්න නිදහසක් නැති රටේ ...... දෙන්න ගියාම වෙන දේ
nalin Tuesday, 30 January 2024 12:19 PM
අනේ මේ බටයො තුවාල ලබනවනෙ. මොකටද මේ වැඩක් නැති වැඩ කරන්නෙ. මේ උත්සව වැඩක් තියෙනවද?
kushan Tuesday, 30 January 2024 12:43 PM
හැම දෙයක්ම වැරදියට හිතන එක නවත්වන්න. රටක නිදහස් දිනය කියන්නේ අභිමානයක්. එය සමරන්න උත්සව පැවැත්වීම කොහොමද වැරදි වෙන්නේ.? රටේ කොහෙද නිදහසක් නැතිව තියෙන්නේ . දැන් රටේ ආර්ථිකය යම් දුරකට දියුණු වෙලා තිබෙනවා.. negative විදිහට හිතන ය හැම දාම එක තැනක තමයි ඉන්න වෙන්නේ.
LakmalTuesday, 30 January 2024 01:23 PM
කුලියට ලියනවට කමෙන්ට් එකකට කීයක් දෙනවද ?
නිහාල් Wednesday, 31 January 2024 02:03 AM
හැම දෙයක්ම වැරැදි කියන්නේ ඒවා වැරැදි නිසා. කන්නේ බොන්නේ ලෝකෙන් හිඟා කාලා. හැබැයි අභිමානය නම් තිබෙනවා. අපේ සල්ලි වලින් මුහුදට වෙඩි තියන්න...!
Siri PereraWednesday, 31 January 2024 11:00 AM
මෙන්න රාජපක්ෂලාගේ පස්සේ යන තව කෙනෙක් ...
sanjeeva Tuesday, 30 January 2024 12:45 PM
පිනෙක්ව පිනවන්න මිනිස්සු බිල්ලට දීම
පාඨකයෙක් Tuesday, 30 January 2024 12:53 PM
දැනට වසර කිහිපයකට පෙර පැවැත්වුණු නිදහස් උළෙලකදී පැරෂූටයක් ආධාරයෙන් ෂැන්ග්‍රිලා හෝටලයේ ඉහළ සිට පහතට සාර්ථකව පැන්න අවස්ථාව මතකද? එදා එම වික්‍රමය කළ පළපුරුදු නිලධාරි මහතා, ඊට ටික කලකට පසුව පුහුණු උපදේශනයක යෙදුණු අවස්ථාවේ ඔහුගේ පැරෂූටය නිසි ලෙස විවෘත නොවීමෙන් මරණයට පත් විය. "පැරෂූට්කරුවාගේ ජීවිතය රැඳී තිබෙන්නේ පැරෂූටය පරීක්ෂා කර නවන කෙනාගේ අතේ" යයි කියමනක් තිබෙන්නේ එබැවිනි.
Lal Tuesday, 30 January 2024 01:00 PM
ඉල් මහ සැමරුම වගේ level එකෙන් බැරිද කරන්න මේවා ?
Sumith Tuesday, 30 January 2024 01:00 PM
නිදහස සමරලා පෙබරවාරි 5 ඉදන් එංගලන්තෙය නවසීලන්තයට ඔස්ටේලියාවට කැනඩාවට යන්න තමයි හැමෝම බලන්නෙ .අපරාදෙ නිදහස ගත්තෙ .සුද්දට රට තිබුනනම් අද අපි අහස් යාත්‍රා හදනවා. නිදහස අරන් දේසපාලුවො නිදහසේ රට හූරන් කෑවා
sathyapala Tuesday, 30 January 2024 01:11 PM
යකඩ මල්ලට ගුල්ලෝ ගහලනම් හාල් මල්ල නොබලාම් විසිකරන්න කියල කියමනක් තියනවා. කල් ඉකුත් වූ කදුළු ගෑස් බාල බෙහෙත් හොර කාබනික පොහොර ගෙනාපු රටේ අනිවාර්යෙන්ම තුට්ටු දෙකට ඉන්දියාවේ පෙට්ටි කඩේක මහන පැරෂුට් ගෙනත් ගානක් සාක්කුවේ දාගෙන ඇති. කුඩ රෙදි වලින් මහන මේ බාල පැරෂුට් නිසා වුන දෙයක්.
saman Tuesday, 30 January 2024 01:20 PM
ඉක්මන් සුවය ලැබේවා
Che Tuesday, 30 January 2024 01:21 PM
ණයට කාලා නිදහස සමරනවා.යකෝ මුන්ට වැඩ නැද්ද කරන්න.
chandima Tuesday, 30 January 2024 10:13 PM
අර ගුවන් හමුදාපතිතුමා පනිද්දී එහෙම මේ වගේ දෙයක් වුණානම් හරි තමයි...
Handunneththi Tuesday, 30 January 2024 11:38 PM
දන්නේ නැති රිළා පැනුම්...!
Perera Wednesday, 31 January 2024 06:40 AM
ප්‍රජාතන්ත්‍රවාදයට අනුව ලැබුණු ජනතා අයිතිවාසිකම් බොහෝමයක් නැතිකරලා ජනතාවගේ නිදහස් අයිතීන් අමුඅමුවේ උල්ලංඝනය කරලා දේශපාලකයන්ට ආරක්ෂාව නැතිව පාරකට බහින්නවත් නිදහස නැතිකොට කාට කොහේ තියන නිදහසක්ද මේ සමරන්නේ...?
Alex Wednesday, 31 January 2024 10:44 AM
රට 100 ට 100 ක්ම පිටරැටියන්ගෙන් රටට ලැබුණු නිසා සමරන්න ඕනෑ. නමුත් දැන් 50% ආයේ පිටරැටියන් අතේ... ඒ නිසා සමරමුද? නැද්ද?
සල්ලි Wednesday, 31 January 2024 10:47 AM
Lowest Quotations වලටද පැරශුට් ගත්තේ...? පව් විරුවන්... නරියන්ට සැපවාහන ගන්නා විට lowest quotation බලනවාද? මෙයයි සමාජ අසාධාරණය...!
Amara Wednesday, 31 January 2024 11:00 AM
රොකට් රෝහිතගේ මඩ හමුදාව ගිහින් මොලේ අසූචි හෝදගනිල්ලා...!