
(අංජුල මහික වීරරත්න)
ලන්දේසි පාලන සමයේ මෙරටින් රැගෙන ගිය නෙදර්ලන්තයේ කෞතුකාගාරවල මේ වන විට තැන්පත් කර ඇති පුරාවස්තුවලින් කිහිපයක් කොළඹ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කිරීමේ කටයුතු ලබන මස මුල් සතියේදි ආරම්භ කිරීමට නියමිත බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.
ලන්දෙසීන් රැගෙන ගිය පුරාවස්තු යළි ලැබුණු පසු ඒවා තැන්පත් කරන ස්ථාන ක්ෂණය කිරීම සඳහා කොළඹ ජාතික කෞතුකාගාරයට ගිය අවස්ථාවේ දී සාගල රත්නායක මහතා මේ බව කීය. නෙදර්ලන්ත රජය හා ශ්‍රී ලංකා රජය අතර පැවැති සාකච්ඡාවන්හි ප්‍රතිඵලයක් ලෙස මෙම පුරාවස්තු නැවත ශ්‍රී ලංකාව වෙත ලබා දීමට තීන්දු කෙරිණි.
එම කටයුතු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා විසින් සම්බන්ධිකරණය කළ අතර ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා එහි ප්‍රමුඛත්වය ගත්තේය.
යටත් විජිත යුගයේ වටිනා සංස්කෘතික වස්තූන් මෙරටට රැගෙන ඒමෙන් පසු කොළඹ ජාතික කෞතුකාගාරයේ ස්ථාපිත කරන ලද අධි ආරක්‍ෂිත, ආර්ද්‍රතාවය පාලනය කරන ලද ස්ථානයන් හි තැන්පත් කිරීමට නියමිත අතර, දැනට වැඩ නිමවෙමින් පවතින එම විශේෂ ස්ථාන සාගල රත්නායක මහාගේ නිරීක්ෂණයට ලක්විය.
කඩුකස්ථාන ඇතුළු පුරාවස්තු කිහිපයක් පළමු අදියර යටතේ ශ්‍රී ලංකාවට බාරදීමට නෙදර්ලන්ත රජය මේ වන විට එකඟ වී ඇති අතර ලබන මස මුල් සතියේදි එම පුරාවස්තු ජාතික කෞතුකාගාරයේ විශේෂ කුටියේ තැන්පත් කිරීමට නියමිතය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ඒ රටවලම තිබුණොත් පරිස්සමට තියෙයි. ලංකාවට ගෙනාවොත් නම් බඩුම තමයි...!
සාගල රත්නායක තමයි දැන් ශ්‍රී ලංකාවේම පොර !!!
සාගල දැන් පුරාවිද්‍යා හරි කෞතුකාගාර පන්ඩිතයෙකුත් වෙලාද? තමුන් කරන දේශපාලනයෙන්වත් ඡන්දයක් අරන් පාර්ලිමේන්තු යන්න බැරි කෙනෙක් ගිය උසක්...!
බල්ලෝ ගස් යනවා කියන්නේ මේවාට තමයි.
භාණ්ඩ අතර කඩු ආදිය තිබේනම් නෙදර්ලන්තයේම තියා තියාගන්න. මෙහිදී ඒවා අතුරුදන් වීමට ඉඩ ඇත..!
සුද්දොත් අරන් නොගිය රාජසිංහ රජ්ජුරුවන්ගේ කඩුවත් හොරාකාපු එවුන් ඉන්න රටටද ලන්දේසිකාරයින් මේ වටිනා පුරාවස්තු ආපසු භාර දුන්නේ...? ලංකාවේ ඉන්නේ ජානගත හොරු රැලක් කියලා තවම ඒ අය දන්නේ නැද්ද..? දැනටමත් ඔර්ජිනල් එක වෙනුවට ඒ වගේ වෙන එකක් හදලා ප්‍රදර්ශනය කරනවාද දන්නේ නැහැ... හොරු රජවෙද්දී කොහේවත් ඉන්න කන්ගැට්ටලා තමයි අන්තිමේ හොරු වෙන්නේ..."නරින්ට කුකුල්ලු බාර දුන්නා වගේ" තමයි ඉතින් මේකත්...
අපරාදෙ... ඕක එහෙම තිබුණා නම් ඉවරයි.. අනික ඕවා කොහොමත් අපි හදපුවා නෙවෙයිනේ...
හැබැයි ඔය පොටෝවල පෙන්වන්නේ අපේ පුරාවස්තු නොවෙයි. අපිට කොයින්ද කාලතුවක්කු? අපේ කව්ද කාලතුවක්කු හැදුවේ? සිංහල හමුදාවේ කාලතුවක්කු තිබුණා නම් ඒවා පෘතුගීසි, ඕලන්ද කාරයින්ගෙන්ම ගත්තු ඒවා. අනික සාගල රත්නායක පුරාවස්තු ගැන දන්නේ මොකක්ද? පුරාවස්තු ගැන කතාකොරන්න යන්න ඕනේ අදාළ කොමසාරිස්වරයා. රනිල්ට කෝකටත් තෛලය සාගල ගොයියා. මුන්ගේ විකාර... පුරාවස්තු වුනත් ඕලන්ද යේ තිබුණු නිසා පරිස්සම් වුණා...
ගෝඨාභය නාගරික සංවර්ධන ඇමැති වෙලා ඉන්න කාලේ කටුගෙයි වටිනා පුරාවස්තු වලට වෙච්චි දේ කවුරු කවුරුත් දන්නවා. සමහරවිට ලැබෙන ඒවාත් බහිරවයා ගෙනියන්න බැරිකමක් නැහැ...
අනේ ගලකට ගිය කලක්...!
අනුන්ගේ දෙයක් හරි කමක් නැහැ අපේ කියලා අරන් තියාගන්න කැමති එවුන් ඉන්න බූරුවෝ ටිකක් මේ රටේ ඉන්නවා කියලා මේ කමෙන්ට් දැක්කම පෙන්වා
අපේ මුතුන් මිත්තන් ඝාතනය කරන්න භාවිත කල ආයුධ විනාශ කරපල්ලා
ලෝල්ලෙක් සමඟ රටක්
මැදමුලනේ කලවැද්දන්ට තව රස කෑමක්...
කන් ගැට්ටට මොකද උනේ ?
මේවා කරුණාකරලා ආපසු ඒ රටටම ආපසු බාරදෙන්න. මෙහි සිටින පාලකයින් මේවා විකුණලා කයි. මොවුන් සිංහලයින් නොවන නිසා කිසිඳු ජාතික හැඟීමක් නැති නිසා, දෙමළ ජාතිකයන් නිසා...!