
(අංජුල මහික වීරරත්න)
ලන්දේසි යටත් විජිත සමයේ ශ්‍රී ලංකාවෙන් නෙදර්ලන්තයට රැගෙන ගොස් යළි මෙරටට බාරදෙන ලද කෞතුක භාණ්ඩ කොළඹ ජාතික කෞතුකාගාරයේ දී අද (5) මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීම ඇරැඹිණි.
නෙදර්ලන්තයේ සුප්‍රසිද්ධ Rijks කෞතුකාගාරයේ තැනපත් කර තිබූ රනින් නිම කරන ලද කොපුව සහිත කස්තානයක්, රිදියෙන් නිම කරන ලද කොපුව සහිත කස්තානයක්, රනින් නිමකළ පිහියක්, මහ තුවක්කු දෙකක් (බිත්ති තුවක්කු) සහ ලෙව්කේ දිසාවේ හට අයත්ව තිබූ බවට සැලකෙන කාලතුවක්කුවක් යන කෞතුක භාන්ඩ 06ක් වර්ෂ 1765 දී ලන්දේසීන් මහනුවර රජ මාලිගාව වටලන අවස්ථාවේදී ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම විසින් රැගෙන ගොස් ඇති බවට තහවුරු විය.
පසුකාලීනව පර්යේෂණයකින් සිදු කරන ලද තහවුරු කිරීම් මත පදනම්ව මෙම කෞතුක භාණ්ඩ හය නැවත ශ්‍රී ලංකාවට බාරදෙන ලෙස රාජ්‍ය තාන්ත්‍රික ඉල්ලීමක් සිදු කර තිබිණි. ඒ අනුව දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමේ සුවිශේෂ අවස්ථාවක් ලෙස මෙම කෞතුක භාණ්ඩ 06 නිල වශයෙන් ශ්‍රී ලංකාවට භාරදීමට නෙදර්ලන්ත රජය කටයුතු කරනු ලැබීය.
මෙම කෞතුක භාණ්ඩ දෙසැම්බර් 5 වන දින සිට නැවත දැනුම් දෙන තුරු කොළඹ ජාතික කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනයට තැබීමට නියමිතය.
එම අවස්ථාව සනිටුහන් කරමින් විශේෂ සමරු මුද්දරයක් ද නිකුත් කිරීම ද මෙහිදී සිදු කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා ගෙනාවා කියලා වැඩක් නැහැ මල්ලි. ඔයාලාට ඡන්දෙ දෙන්නේ නෑ...
දැනටමත් ඔය තියෙන්නේ ඩුප්ලිකේට් ද දන්නෑ. මතකනේ CCTV කැමරා අක්‍රීය කරලා කඩු හොරකම් කරපු හැටි...!
අපේ ආදී කාලේ වැඩත් අද වගේම තමයි.. සැරසිලි විතරයි වැඩේ කරන්න බෑ.. ප්‍රදර්ශනයට හොඳයි.
මම නම් හිතන්නේ මේකත් ලන්දෙසීන් විසින්ම ඔවුන් ලංකාවේ සිටි සමයේ සාදා නිමකළ කාලතුවක්කුවක හැඩය ගත් නිර්මාණයක්... එදා පෘතුගීසීන් විසින් නිර්මාණය කළ, ලන්දේසීන් විසින් නවීකරණය කළ ගාල්ලේ ලන්දේසි බලකොටුව තවමත් ශක්තිමත්ව පවතිනවා. මොනවා වුණත් ඒකත් දැන් දේශප්‍රේමී අපේ ජාතික උරුමයක්නේ... ලන්දේසි තවම හොරු ගැන දන්නේ නැතිවද මේ කෞතුක භාණ්ඩ හොරුන් අතට පත් කලේ... රාජසිංහ රජතුමාගේ රන් කඩුවටත් විද්ද කන් ගැට්ටලා දැනටමත් කුරුමානම් අල්ලනවා ඇති මේවාට..!
දැන්ම බලාගන්න අවසන් වතාවට .මතකනේ කඩ වලට දුන්න ගේම ?
ඔන්න තව ටික දවසක් යනකොට අපේ වෙන්න රජ පැටියෙක්ට පහල වෙනවා .ඊට පස්සේ කොහෙවත් ඉන්න කුඩු ගහන්න සල්ලි නැති කුඩ්ඩෙක් ඇවිත් මේකෙන් කඩුවක් දෙකක් ගෙනියනවා .ඔන්න ඔහොමයි ශ්‍රිලංකාවේ කෞතුක භාණ්ඩ වලට දෙන ආරක්ෂාව
මෙවැනි යුධ උපකරණ සහ තුවක්කු ලන්දේසීන් නැව් දෙක තුනකින් ඇවිත් ලංකාව යටත් කරගද්දී අපිට තිබුනා නම් රටක් විදියට අපි කොහොමද යටත් උනේ ?මට නම හිතාගන්නවත් බැහැ
එංගලන්තයෙන් ආපසු දුන්න වීර කැප්පෙටිපොල නිලමේ තුමාගේ හිස්කබලට වගේම රාජසිංහ රජුගේ ඔටුන්නට වෙච්චදේ මේවාටත් නොවේවා කියලයි අපි ප්‍රාර්ථනා කරන්නේ. විශේෂ ප්‍රදර්ශන භාණ්ඩ විදේශිකයන්ට පෙන්වන්න ඔතන සමහරු හොරෙන් මුදල් අයකරන හැටිත් අපි ඇස්දෙකෙන්ම දැකල තියෙනවා.
අපිටත් වැඩ තියෙයි එහෙනං.
අපි දැනුයි දන්නේ සිංහලයෝ කාලතුවක්කු හැදුවා කියලා එතකොට වෙඩිබෙහෙත් හැදුවේ කොහෙද?