(යොහාන් භාසුර , ලක්නව් එකානා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට...)
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 19 වැනි තරඟය ලෙස ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර ලක්නව් එකානා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්ත පිල ඕවර 49.4 කදී සියලු දෙනාදැවී ලකුණු 262 ක් රැස් කළේය.
ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය සඳහා ඕවරයකට ලකුණු 5.26 ක සාමාන්‍යයක් පවත්වමින් ලකුණු 263 ක් රැස් කළ යුතුය.
නෙදර්ලන්ත පිලේ පළමු කඩුලු හය ලකුණු 91 කට බිඳවැටීමෙන් පසුව සිබ්‍රැන්ඩ් එන්ගල්බ්‍රෙච් (70) සහ ලොගන් වෑන් බීක් (59) හත්වැනි කඩුල්ලට ගොඩනැගු ලකුණු 130 ක සම්බන්ධතාවය හේතුවෙන් ලකුණු 262 ක් දක්වා ඒමට මග විවෘත විය.
ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් වන කසුන් රාජිත (50/4) සහ ඩිල්ෂාන් මධුසංඛ (49/4) අනගි පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 8 ක් දවා ගැනීමට සමත් වූහ.
නෙදර්ලන්ත පිල ඕවර 49.4 කදී සියලු දෙනාදැවී 262
(මැක්ස් ඔඩවුඩ් 16, කොලින් ඇකර්මන් 29, ස්කොට් එඩ්වඩ්ස් 16, සිබ්‍රැන්ඩ් එන්ගල්බ්‍රෙච් 70, ලොගන් වෑන් බීක් 59 කසුන් රාජිත 50/4, ඩිල්ෂාන් මධුසංඛ 49/4)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන පොට හොඳ නැහැ ,නෙදර්ලන්තයෙනුත් කන්න වගේ හදන්නේ ?