(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න)
අමාත්‍යාංශයට නොදන්වා විදේශ ගතවූ විශේෂඥ වෛද්‍යවරුන් 83 දෙනකු සම්බන්ධයෙන් සේවය අතහැර යෑමේ නිවේදන (v.o.p) නිකුත් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (තෘතීක සත්කාර සේවා) වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා මහතා රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) පැවසීය.
මේ අතර පුහුණුවීම් සහ වෙනත් අවශ්‍යතා සදහා විදේශයන්ට ගොස් නැවත සේවයට වාර්තා නොකළ විශේෂඥ වෛද්‍යවරුන් 35 දෙනකු අසාදු ලේඛනයට ඇතුළත් කර ඇති බව පැවසූ අධ්‍යක්ෂවරයා විදේශ පුහුණුවෙන් පසු මාණ්ඩලික සහතිකය ලබා විශේෂඥ වෛද්‍යවරයකු බවට මෑතදී පත්වුණු 250 දෙනකුගෙන් 50 දෙනකු රැකියා සඳහා විදේශ ගතව ඇතැයිද සදහන් කළේය.
මෙසේ විදේශ ගතවන අය බැඳුම්කරය ගෙවා යා යුතු බවත් නොදන්වා ගියපු අයගෙන් බැඳුම්කරය අයකර ගැනීමට කටයුතු කරගෙන යන බවත් ප්‍රියන්ත අතපත්තු මහතා පැවසීය
මෙසේ විදේශගතවූ වෛද්‍යවරුන්ට නැවත පැමිණීමට ලිපියක් නිකුත් කරන බවත් එම ලිපිය නිකුත් කර මාසයකදී නොපැමිණියහොත් සේවය අතහැර යෑමේ නියෝගය නිකුත් කරන බවත් ඔහු කීවේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්ය සාධනය විමසීම සඳහා රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා රැස්විය. මේ පිළිබඳ තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.
මේ අතර වෛද්‍යවරුන් 677 දෙනකු මේ වසරේ මැයි මස 31 වනවිට විදේශ පුහුණුවට ගොස් සිටි බවත් ඒ අය ඉදිරි වසර දෙකේදී නැවත පැමිණිය යුතු බවත් ඔහු සදහන් කළේය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ "මේ අය එනකම් කියන්න බැහැ" යනුවෙනි.
මේ විශේෂඥ වෛද්‍යවරුන් නොපැමිණියහොත් කුඩා රෝහල්වලට බලපෑමක් ඇතිවිය හැකි බවත් මේ ගැන පුළුල්ව සාකච්ඡා කළ යුතු බවත් ඔහු සදහන් කළේය.
වෛද්‍යවරුන් තවත් 612ක් පුහුණුවීම් සඳහා විදේශගතවීමට සූදානම් වෙමින් සිටින බවද ගුණවර්ධන මහතා පැවසුවේය.
වෛද්‍යවරුන් ඇත්තටම විදේශගත වන්නේ ආර්ථික අර්බුද නිසා බවත් දරුවන්ගේ ඉගෙනීම් සඳහා මුදල් සොයා ගැනීමද තවත් බලාපොරොත්තුවක් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.
ගිවිසුම අනුව යළි මෙරටට නොපැමිණියහොත් පුහුණුවට ගිය මුළු වියදමවූ එක් කෝටි පනස් ලක්ෂයක මුදල අයකර ගැනීමට කටයුතු කරන බව සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පැවසූහ.
මේ අතර වෛද්‍යවරුන් තුන් සියයක් මේ වසරේ විදේශගතවී ඇති බවත් විදේශගතවන විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් කොටසක් යළි සේවයට නොඑන බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජේ. විජේසුරිය මහතා එහිදී පැවසීය.
විශේෂඥ වෛද්‍යවරුන් 2799ක් සිටිය යුතු වුවත් දැනට සිටින්නේ 2148 දෙනකු පමණක් බවත් 651 කෙනකුගේ අඩුවක් පවතින බවත් ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදේශ පුහුණුව අරන් එන දොස්තරලට ඒගොල්ලොන්ගේ විදේශ පුහුණුවට සරිලන විදිහියට මෙහෙ සායනවල වැඩ කරන්න පුලුවන් ක්‍රමවේදයක් හදන්න, මම දන්න විදිහියට අලුතින් පුරැදුවෙලා එන අයට මෙහේ ඉන්න සීනියර් ඩොක්ටර්ස්ලා තැනක් දෙන්කේ නෑ, පුලුවන් තරන් කපනවා, කරාපිටියේ තියන ළමා පිලිකා සායනයට ඕනෑ කරන ඩොක්ටර් ඇවිත් ඉන්නවා, හැබැයි එයාට එක ඇරලා වැඩ කරන්න දෙන්නේ නෑ, ඔය යන අය ඔක්කොම යන්නේ ළමයින්ට උගන්නන්නයි සල්ලි හම්කරන්නනම විතරක් නෙමෙයි, මෙහේ ඉන්න සීනියර් අයගේ තියන politics හින්දා අලුතෙන් එන අයට ඒගොල්ලෝ ඉගන ගත්තදේවල් පාව්චි කරන්න අවස්තාවක් නැති එකත් හේතුවක්, වෛද්‍යය මාෆියාව කියන්නේ මේකට, අලුතින් එන අයගේ දැනුම අලුත්, පරණ අය කැමති නෑ ඒ ගොල්ලන්ගේ තැන නැති වෙනවට,
ඔය යන කිසිවෙක් රටට ඩොලර් එවන අය නොවෙයි. රජයේ වියදමෙන් ඉගෙනගෙන ජනතාවට සේවය නොකර තම සුඛවිහරණය උදෙසා පමණක් රට දාලා යන උදවිය . ඔවුන් අසාමාන්‍ය ආත්මාර්ථකාමී මිනිසුන් .තම මව්බිම ට සේවය අවශ්‍ය ම වෙලාවක අහක බලන ගුණමකුවන් .
ජනතා බදු මුදලින් උගෙන, ඒ මිනිසුන්ටම කොකා පෙන්වා මාරු වූ මේ උන්දැලාගේ පැටිකිරිය හොයා බැලුවොත් නිසැකවම මොවුන් 1. අරගල විහිළුවේ ඉදිරියෙන්ම ඉන්න ඇති. 2. සිස්ටම් චේන්ජ් කිරීම සම්බන්ධයෙන් ලොකු කතා පවත්වන්න ඇති. 3. සියලුම දේශපාලකයනට "හොරු" ලේබලය අලවා ඇති. 4. බොරු සහතික ඉදිරිපත් කර හෝ තමන් විශේෂ වුර්තියක නියැලෙන්නන් බව පවසා දු දරුවන් ඉහල පෙලේ පාසල්වලට දා ගෙන ඇති. 5. රාජකාරි වෙලාවෙත් චැනල් සේවයේ යෙදී මඩිය තර කර ගෙන ඇති. 6. රජය මගින් සපයන සියලුම විශේෂ වරප්‍රසාද අකුරටම අරගෙන ඇති. 7. "අරක දියව් මේක දියව්" යනුවෙන් ඉල්ලීම් රැගත් බෝඩ් අල්ල ගෙන වර්ජනවල නියැලෙන්න ඇති. 8. කොවිඩ් සමයේ රට වසා දමන ලෙස රජයට කේවට්ට උපදෙස් දෙන්න ඇති.
මේකට විසදුම පුද්ගලික විශ්ව විද්‍යාල වලට ශ්‍රීලංකාව තුල ඉඩ දීම .එහෙම කලොත් ලංකාවේ වෛද්‍ය විද්‍යාව දියුණු වෙනවා
වෛද්‍යවරයාගේ දරුවන්ට පමණක් ආර්ථික හා පාසල් අධ්‍යාපනයේ ප්‍රශ්න, අනෙක් වෘත්තිකයන්ට කොහොමද. ඒ වගේම ලංකාවේ හොඳම පාසල්වලට ප්‍රමුඛත්වය ලැබෙන්නේ වෛද්‍යවරයාගේ දරුවන්ටයි. වෛද්‍යවරයාගේ ආර්ථිකය ගැන කරුණාකර පෞද්ගලික රෝහල්වලට ගොස් සොයා බලන්න.
පාසල් අධ්‍යාපනය විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොමිලේ ලබාදී විදෙස් පුහුණුව සදහා මුදල් ලබාදී අන්තිමේ රට යනවා නම් ඒකට විසදුමක් නොපමාව කරන්න ඕන මෙහෙම වෙනනිසා විශ්ව විද්‍යාල සදහා ඇතුළත් කරද්දී බැදුම්කරයක් හා උපාධියෙන් පසුව පුහුණුව සදහා නැවත පත්වීම් දීමේදී බැදුම්කර අත්සන් කරන්න කියලා නියමයක් කරන්න ඕන කිසියම් කාලයක් සදහා අනිවාර්ය සේවයක් නියම කරන්න ඕන නිදහස් අධ්‍යාපනයේ විපාකද කියලා හිතෙනවා මේකට විසදුමක් ලෙසට පුද්ගලික වෙද විදුහල් පහක් හයක් වත් ලංකාවෙ ඇතිකලොත් හොදයි කියලා කියන්න පුළුවන්
නූගත්‍තු පාර්ලිමේන්තුවට වෙලා රටම හොරා කනකොට .මේ උගත් දොස්තරලා එන්න ඕනි .සුදුලූනු ඇතුළුව මහා පරිමාණයෙන් රජය ධනය හොරා කාපු සහ තවමත් හොරා කන එවුන් පාලනය වෙන රටකට මොන දියුණුවක්ද .බන්
මේගොල්ලෝ බය වෙයි රතු නිවේදන වලට
ඉගෙනගත්ත හොරු කියන්නේ මේ වගේ උන්ට. සුර සැප පිණිස තම අධ්‍යාපන කටයුතුවලට වියදම දුන්න දුප්පතුන්ට පයින් ගසා ධනවතුන්ගේ සල්ලිවලට පස්ස ලෙවකන්න යනවා. ඔය බොහොමයක් දෙමාපියන් ගැන වත් බලන්නේ නෑ. මියයන්නේ හිතින් විඳවල...
ඔය මිනිස්ට්‍රි එකේ ඉන්න කොල්ලයි, බල්ලයි හැමකෙනාම ට්‍රේනින් ගිහින් එන විශේෂඥයින්ලා රැග්කරනවා. ඔතන ඉස්සර හිටිය ගැහැණු කෙනෙක් ට්‍රේනින් ගිහින් එන අය දවස් ගනන් ඔෆිස් එක ළඟ රස්තියාදු කරනවා. ගිහින් එන අයටත් රට එපා කරවන තැතක් තමයි ඕක...
ඉතාමත් සත්‍ය අදහස් ඉදිරිපත් කර තිබුණත් කිසියම් මාෆියා කල්ලියක් ඔක්කෝටම ඩිස්ලයික් දාලා තියෙනවා කියන්න කණගාටුයි... හැමදාම ඔවුන්ට ඉඩක් දෙන්න බැහැ... නොපමාව පුද්ගලික වෙද විදුහල් අවම වශයෙන් දහයක්වත් ආරම්භ කරන්නම ඕනෑ. එයට පෙර සියලු ජනතාව පවතින මාෆියා කල්ලිය ගැන දැනුවත් කරන්න ඕනෑ..
මෙහි කමෙන්ට්ස් බැලුවහම මිනිස්සු කොපමණ දොස්තරලත් එක්ක ඇරියස් එකක ඉන්නවද කියන එක පේනවා... දොස්තරලා විතරද ජනතාවගෙ බදු සල්ලි වලින් ඉගෙන ගත්තෙ.. නැහැ.. මේකෙ කමෙන්ට් කරපු බහුතරයක් අඩුම වසර 11ක් හෝ 13ක් ජනතාවගෙ බදු සල්ලි වලින් ඉගෙන ගෙන තියෙනවා.. ඒ වෙනුවෙන් ඒ අය රටට නැවත ලබාදුන්නු දේවල් මොනවාද? දොස්තරල අඩුම තරමෙ ජනතාවගෙ බදු සල්ලි නාසිති වෙන්න ඇරලා නෑ.. ඒ බදු සල්ලි කාබාසීනියා කරල නෑ.. අනිත් එක ඔය බදු සල්ලි වලට හරියන්න වැඩ කරල ඉවරයි සේවයේ පළවෙනි අවුරුද්ද ඉවර වෙනකොටම... 365/24 වැඩ කරල හරි නිවාඩුවක් නැතිව.. ඒ වගෙම විශේෂඳ පුහුණුව නොමිලේම කරන දෙයක් නෙවෙයි.. ඒ වගේම ඔය විශේෂඳ පුහුණුව ඇතුලෙම අසීමාන්තික සහ ගෙවීමක් රහිත වහල් සේවයක් ඔය වෛද්‍යවරු කරන බව මිනිස්සු දන්නෙ නෑ.. දොස්තරලට වඩා පඩි ගන්න රස්සා ඕන තරම් තියෙනවා.. මිනිස්සු දොස්තරලට අරව හම්බෙනව මේව හම්බෙනව කියල හිතන් ඉන්නවා.. ඔය මිනිසු හිතන් ඉන්න කිසිවක් දොස්තරලට හම්බෙන්නෙ නම් නෑ.. වේතනය, පර්මිට්, පාසල් ප්‍රමුඛත්වය ගැන මිනිස්සු හිතාගෙන ඉන්න තරම් දෙයක් නම් දොස්තරලට ලැබෙන්නෙ නෑ.. මෙහෙ ඉන්න දෙන්නෙ නැත්න්ම් රට යන එක හැර වෙන විකල්පයක් දොස්තරලට නෑ..