
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මත්ද්‍රව්‍ය සහිත ගුලි දෙකක් පාසලේදී කෑ බව කියන බාල වයස්කාර සහෝදරයින් දෙදෙනකු ක්ලාන්ත ගතියක් ඇතිවී පදියතාලාව රෝහලට ඇතුළත් කළ බව අම්පාර ,පදියතලාව පොලිසිය පවසයි.
පාසල් එන අතරවාරයේ මෙම බාල වයස්කාර දරු දෙදෙනාට මත්ගුලි විකුණූ බව කියන අවුරුදු විසි එකක් වයස තරුණයකු සැකපිට අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු පදියතලාව, කෙහෙල් උල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.
මෙසේ රෝහල් ගත කර ඇත්තේ ප්‍රදේශයේ පාසලක පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන අවුරුදු හයක් වයස සිසුවකු සහ අවුරුදු එකොළහක් වයසැති හත්වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවෙකි.
ඔවුහු දෙදෙනාම සොහොයුරෝ වෙති.
මෙම සොහොයුරන් දෙදෙනා පාසැලට එන අතර වාරයේ අතරමග රැඳී සිටි මෙම සැකකාර තරුණයා බාල වයස්කාර සොහොයුරන් දෙදෙනාට මේවා ලබාදීමෙන් පසු ඔවුන් පාසැලට පැමිණ මේවා කා ඇතැයි උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.
. මේ බව විදුහල්පතිවරයාටද දැනුම් දී ගුරුවරුන් සහ ගුරුවරියන් පිරිසක් එක් වී සොහොයුරන් දෙදෙනා රෝහල්ගත කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මුන් බබ්බු, නොදැන කන ගුලි? සේරම දන්නව නොදන්නා දේවල් කන එක ඇරෙන්න.