
(ඉන්දිකා රාමනායක )
පුවක් හොරකමක් සම්බන්ධයෙන් ඇතිවූ කෝපයක් මත නිවසක නිදා සිටි තරුණයෙකු නිදි යහනේම ගිනි තබා ඝාතනය කර ඇතැයි ඌරුබොක්ක පොලිසිය පවසයි.
මෙලෙස පිළිසී මිය ගොස් ඇත්තේ ඌරු බොක්ක ඛෙරලපනාතර පදිංචි. නිලන්ත කුමාර (32) නැමැති පුද්ගලයා බව පොලිසිය සඳහන් කරයි.
මෙම තරුණයා රාත්‍රියේ සිය නිවසේ පියන් සවි නොකළ ජනේලය අසල ඇඳක් තබාගෙන නිදාගෙන සිටියදී පැමිණි කිහිප දෙනෙකු විසින් නිදා සිටි තරුණයා දෙසට භූමි තෙල්වක්කොට ගිනි තබා පලා ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ තරුණයා ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු දුක් මහන්සි වෙලා ජීවත්වෙන්න ආදායම් මාර්ග හදාගන්න මොනවා කලත් නිකම්මු ඒවා හොරකම් කරගෙන යනවා. ඉතින් එහෙම දෙයක්වත් කරන්න හිතන්නේ නැහැ. ඔය වෙලාවට මරාගෙන මැරෙන්න වුණත් හිතෙනවා. මේවා කලාම වෙන්නෙ හොරාට සහනයක් මිස වගාකරුට සෙතක් නැහැ. මෙහෙම හොරකම් කලාම පැමිණිලි කලත් කිසිම වැඩක් නැති නිසා තමයි මේවා වෙන්නෙ අලුත් ආණ්ඩුව යටතේ වත් මේ හොරකම් නැවැත්වීම කලොත් ලොකුම සෙතක් වෙනවා. මෙහෙම හොර පවුල් පුනරුත්ථාපනය සඳහා වැඩපිළිවෙළක් නොපමාව ආරම්භ නොකලොත් ජනතාව වගා කටයුතු නොකරාවි ඒ වගේම පිරිසක් තමයි රිලව් කියන්නේ.