IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


නතාෂාට ප්‍රචාරයක් දුන් බෘෘනෝ අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක)

නතාෂා එදිරිසුරිය බෞද්ධ දර්ශනයට සහ සංස්කෘතියට අපහාස වන අයුරින් කළ ප්‍රහසන වැඩසටහන  යු ටියුබ් නාලිකාවට ඔස්සේ අන්තර් ජාලයට මුදා හරිමින් ඇයට ආධාර අනුබල ලබා දුන් බව කියන සමාජ ක්‍රියාකාරිකයකු වු බෲනෝ දිවාකර අද පස්වරුවේ අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

යු ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යමින් අදාල පුද්ගලයා ආගමික නිදහසට හානි වන ආකාරයේ ප්‍රකාශ ප්‍රචාරය කරමින් එයට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බෲනෝ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.

එම විමර්ශනයට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීම සදහා බෲනෝ දිවාකර අද දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබු අතර පැය 8 ක ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගැනීමෙන් පසුව අද පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

අත්අඩංගුවට ගත් බෲනෝ දිවාකරගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු ඔහු හෙට (1) දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

 



අදහස් (10)

නතාෂාට ප්‍රචාරයක් දුන් බෘෘනෝ අත්අඩංගුවට

Sunil Wednesday, 31 May 2023 06:42 PM

ආගම්වලට අපහාස කරන මේ සියලු දෙනාට නිසි දඬුවම් ලබාදෙන්න. ආගම් විකුණන් කෑම නැවැත්විය යුතුයි.

:       41       61

ලුම්බිණි Thursday, 01 June 2023 03:52 AM

එහෙනම් ඉස්සර වෙලාම බොහෝ හාමුදුරුවරු අත් අඩංගුවට ගත යුතුයි.

:       1       0

SUNIL MILANO Wednesday, 31 May 2023 06:45 PM

ඕනම ශාස්තෘන් වහන්සේ කෙනෙකුට හෝ ආගමකට නිගාවෙන අයුරින් කවුරු හෝ ප්‍රකාශ නිකුත් කරයිද වහාම අත්අඩංගුවට ගත යුතුයි...

:       31       52

රසිකා Wednesday, 31 May 2023 07:10 PM

අත් අඩංගුවට ගෙන ඇප නොදී ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ නඩුව එකදිගට අසා කඩිනම් තීන්දුවක් දෙන්න අති ගරු ජනාදිපති තුමනි බහුතර ජන කොටසට කල අපහාසයට සාධාරණයක් වෙන්න .

:       0       0

කිරිපුා Wednesday, 31 May 2023 07:16 PM

හැම කෙනෙක්ම පාඩුවේ තම තමන්ගේ ආගම අනුව ජීවත් වෙද්දෙන්. කාටවත් කාගෙවත් ආගමකින් වැඩක් නෑනේ. මේ අය කරන්නේ NGO වලින් මුදල් අරගෙන අනවශ්‍ය වැඩ කරන එක. මේ වැඩ නතරවිය යුතුයි. හැම ආගමකම මිනිසුන්ට ඕන හැටියට ජීවත් වීමේ ගැටලු තියෙනවා..

:       11       43

නතාෂාට Wednesday, 31 May 2023 10:46 PM

රනිල්ස් මෝඩාභිමානේ .... කොටු වෙන්නේ 12% වයසක මිනිස්සු විතරයි

:       0       0

Perera Thursday, 01 June 2023 12:14 AM

වැඩේ හරියන්නේ නැහැ.නාමල් රාජපක්ෂව ජනපති කරලා රට ජාතිය බුද්ධාගම බේරගන්න ඕනෑ නේද?

:       0       0

කීර්ති වර්නකුලසූරිය Thursday, 01 June 2023 02:58 AM

ඊණියා දෙශපාලන දඩයම නැවත පටන් ගත් වගයි. මානව හිමිකම් සම්බන්දයෙන් ජාත්යන්ත්‍රයට යා යුතු කාලය පමිණ ඇත.

:       0       0

Chaminda Thursday, 01 June 2023 06:16 AM

ගිහියන් වේවා පැවිද්දන් වේවා දඬුවම් එකසේ පැනවීය යුතුය

:       0       0

සෝමපාල Thursday, 01 June 2023 08:15 AM

මුන්ට ඕනේ ප්‍රශ්න ඇතිකිරීමයි මේ රටේ. Ngo මුදල් වලින් යැපෙන මේ අයගේ වැඩේ ngo කොන්ත්‍රාත් කරන එකයි. අසුචි ගොඩක් හරි කමක් නෑ අවුස්සලා මොකක් හෝ ප්‍රශ්නයක් ඇතිකිරීමයි මේ අයගේ ජීවනෝපාය.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site