
(නිමන්ති රණසිංහ)
බෞද්ධ දර්ශනයට සහ සංස්කෘතියට අපහාස වන අයුරින් ප්‍රකාශයක් නිකුත් කළැයි කියන සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ජයනි නතාශා එදිරිසූරිය සහ ඇයට ආධාර අනුබල දුන්නැයි කියන බෲනෝ දිවාකර ලබන 21 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (07) නියෝග කළේය.
මෙම සැකකරුවන්ට ඇප ලබා දුනහොත් මහජන කැළඹීමක් ඇති විය හැකි බවට කරුණු අනාවරණය වන බැවින් සහ විමර්ශන අවසන්ව නොමැති බැවින් සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
"මෝඩාභිමානය" නමින් සංවිධානය කර තිබූ වැඩසටහනකදී බෞද්ධ දර්ශනයට හානියක්, අපහාසයක්, අගෞරවයක් වන අයුරින් ප්‍රකාශයක් සිදුකර ඇති සැකකාර නතාශා එදිරිසූරිය යන අයගේ එම ප්‍රකාශය අන්තර්ජාලය මගින් බෙදා හැරීමට මෙම දෙවැනි සැකකරු කටයුතු කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා චිංචිමානවිකාව ජීවමාන බුදුරජාණන් වහන්සේට කළ අපහාසයට එම අවස්ථාවේ ලංකා රජය සහ පොලිසිය සිටියා නම්.. ආයුධ පෙන්නන්න එක්කරන් යනවා...
ලංකාවේ වෙන දේවල් වලට මෙහෙම දෙයක් තිබුණොත් තමයි අපේ අයට නින්ද යන්නේ. මුළු රටම හොරාකාලා බංකොළොත් කරපු නන්දසේනට එරෙහිව කිසිම පැමිණිල්ලක් නැහැ.
දිලිත් තමයි වැඩිම අපහාසය කළේ. ඇයි එයා නිදැල්ලේ?
රිමාන්ඩ් කරලා මදි ... අඬු කඩන්න ඕනේ. කාලකන්නි හැත්ත...