
(විමුක්ති එස් රුද්‍රිගු)
නිල ණය හිමියන්ගේ කමිටුව සහ ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යාහගත කිරීමේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ පසු සහ මෙරට ද්වීපාර්ශ්වික ගිවිසුම් ඉතා ඉක්මනින් අවසන් කිරීමට ශ්‍රී ලංකාව අදහස් කරන බව තහවුරු වූ පසු ජපන් ණය ආධාර යටතේ ක්‍රියාත්මක වී දැනට අත්හිටුවා ඇති ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ජපානය අදහස් කරන බව ජපාන විදේශ කටයුතු අමාත්‍ය යෝකෝ කමිකාවා මහත්මිය අද (04) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළාය.
ශ්‍රී ලංකාවේ සංවර්ධනය උදෙසා තවදුරටත් සහාය දැක්වීමට ජපානය බලාපොරොත්තු වන බවද ඇය පැවසුවාය.
මෙරට සියලුම ණය හිමියන් සමඟ විනිවිදභාවයකින් සහ සංසන්දනාත්මක ආකාරයකින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම්වලට එළැඹීම ඉතා වැදගත් බවද ජපාන විදේශ කටයුතු අමාත්‍යවරිය ප්‍රකාශ කළාය.
ශ්‍රී ලංකාව සහ නිල ණය හිමියන්ගේ කමිටුව ණය ප්‍රතිවිරුව ගත කිරීමේ අවබෝධතා ගිවිසුමට ඉතාමත් ඉක්මනින් අත්සන් තබනු ඇතැයි ජපානය බලාපොරොත්තු වන බව කමිකාව මහත්මිය පැවැසුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ යමක් කරනවා නම් මැතිවරණ ආසන්න කාලයේ කලොත් වැඩක් නැහැ. මොකද ඊළඟට එන ආණ්ඩුව ඒක ගැන බලන්නේ නැහැ. මතකනේ සැහැල්ලු දුම්රිය මාර්ගයට කලේ මොකක්ද කියලා මේ රට හැමදාම රිවස් ගියරයේ යන්නේ පුද්ගලික අපේක්ෂා මත ක්‍රියාත්මක දේශපාලන පක්ෂ නිසා තමයි. එක්කෝ එහෙම පක්ෂවල ලියාපදිංචි අවලංගු කරන්න ඕනෑ. නැත්නම් රටේ සංවර්ධනය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්ති සැකසීම කරන්න ඕනෑ. එහෙම නැතුව හැමදාම ලෝකයා රවටමින් හිඟමනේ යාම නොපමාව නතර කරන්න ඕනෑ...
අනේ හාමිනේ අර නින්දට අධිපති මනුස්සයා ගැන අහලා තියෙනවා නේද? ඔව් ඔව් හරියට හරි උන්නැහේ තමයි. අර ජපන් ආණ්ඩුවෙන් අත මාරුවක් ඉල්ලුවේ. අනේ මගේ සුදු නෝනනේ ඒක ඒ මනුස්සයාට දීලා දානවාද? නැත්නම් උන්නැහේට නින්ද යන එකක් නැහැ...