(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනයට වරදකරු වී මරණ දඬුවම ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබා දීම බල රහිත කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති පෙත්සම ඊයේ(07) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනිණ.
ප්‍රීති පද්මන් සූරසේන , ගාමිණී අමරසේකර සහ අර්ජුන ඔබේසේකර මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම විභාගයට ගැනිණ.
භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳ සුමනා ප්‍රේමචන්ද්‍ර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයකු වන ගසාලි හුසේන් මහත්ම මහත්මීන් මෙම පෙත්සම ගොනු කරනු ලැබ ඇත.
මෙම පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ සුමන්තිරන් මහතා කියා සිටියේ දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබා දීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ක්‍රියා පටිපාටිය අනුගමනය නොකිරීම නීතියට පටහැනි බවයි.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉරාජ් ද සිල්වා මහතා කියා සිටියේ මරණ දඬුවම ලැබූ අයෙකුට ජනාධිපති සමාව ලබා දුන් සෑම අවස්ථාවකදීම නීතිපති වාර්තාවක් කැඳවා ඇති බවත් මෙම අවස්ථාවේදී එසේ නොකිරීම නීතියට පටහැනි බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකෙන්ම ඔප්පුවෙනවා නේද ස’ ත් මේ මිනීමැරුමට සම්බන්ධයි කියලා…? ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂක මණ්ඩලයද මාරුකරලා මෙයාව හංගගෙන ඉඳලා රහසේම සිංගප්පූරු ඇරියේත් ස’ නේද? එතකොට ස’ ට නඩු නැද්ද?
ඕකට වගකියන්න ඕනේ අසීමිත බලයක් ඇතිව ජනපතිට මාර්ගය සකස් කරදුන් අයයි
නීති විරෝධී වැඩක් වත් හරියට කරන්න දන්නේ නැති වැඩකරන විරුවා
69 ලක්ෂයක් චන්ද අරන් එම ජනතාවගේ අපේක්ෂාවන් කුණු කූඩයට දාලා කරපු තක්කඩි වැඩ තමා
නන්දසේන රටට කළ විනාශයට නම් සොබාදහමින් පඩිසන් ලැබෙනවාමයි...