IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


නීතිය ක්‍රියාත්මක කරන්නැයි මැකෝට පැමිණිල්ලක්

(සුජිත් හේවාජුලිගේ)

ජනාධිපති අපේක්ෂකයෙකු තමාට ඡන්දය   දෙන ලෙසට අස්වැසුම ප්‍රතිලාභීන්ට එස්.එම්.එස් පණිවිඩයක් සමග හඬපටයක් යවන ලදැයි  කියන සිද්ධියක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස දන්වමින්  පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවට ඊයේ(17) පැමිණිල්ලක්  කළේය.

ලබන 21 වැනිදායින් පසු අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීමට අවශ්‍ය නම් තමාට ඡන්දය දෙන ලෙස  එම පණිවිඩයෙන්  ඉල්ලීමක් කර ඇති බවත් එය පැහැදිලි වශයෙන්ම ඡන්දදායකයන්ට කළ බලපෑමක් බවත් පැෆරල් සංවිධානයේ  විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි  මහතා පැවසීය.

අස්වැසුම ලබාදෙන්නේ රජයේ සහ ජනතාවගේ මුදල් වලින් මිස අපේක්ෂකයන්ගේ පෞද්ගලික මුදල් වලින් නොවන බවද ඔහු ප්‍රකාශ කළේය.

මේ සිද්ධිය පිළිබඳව විශේෂ අවධානය යොමුවී ඇතැයි මැතිවරණ කොමිසමේ නිලධාරියෙක් පැවසීය.

මැතිවරණයකදී ඡන්දදායකයන්ට විවිධ දේ ලබාදෙන බවට පවසමින් ඡන්දය ඇයද සිටීම දඬුවම් ලැබිය හැකි වරදක් බව මැතිවරණ කොමිෂන්  සභා  ආරංචි මාර්ග සඳහන් කළේය.



අදහස් (0)

නීතිය ක්‍රියාත්මක කරන්නැයි මැකෝට පැමිණිල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 667 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1112 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site