(අංජුල මහික වීරරත්න)
නීතිපතිවරයාට සේවා දිගුවක් දීමට තීන්දු කළේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ වලට අදාලව ඉදිරි කටයුතු රදගුරු මණ්ඩලය සමඟ සම්බන්ධීකරණය කිරීමේ කමිටුවේ නියෝජිතයකු ලෙස ඔහු ප්‍රධාන කාර්ය භාරයක් කරන බැවින් යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් බ්‍රහස්පතින්දා(30) ජනපති හමුවී මේ ගැන විමසූ අවස්ථාවේදීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන,ප්‍රේමනාත් සී දොලවත්ත ඇතුළු පිරිසක් මේ ගැන ජනපතිගෙන් විමසා තිබුණේ විපක්ෂය නඟන චෝදනාවත් සමඟය.
පාස්කු ප්‍රහාරයෙන් පසු පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව ශ්‍රී ලංකා කතෝලික රදගරු මණ්ඩලයේ සභාපති හැරල්ඩ් ඇන්තනි පෙරේරා කුරුණෑගල රදගරුතුමන්ට යොමු කොට ඒ ගැන සාකච්ඡා කිරීමට ජනාධිපති ලේකම් සමන් ඒකනායක, කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක හා නීතිපති සංජය රාජරත්නම් පත් මහත්වරුන් කළ බව ජනපති මන්ත්‍රීවරුන් හමුවේ කියා ඇත.
මේ කමිටු සාමාජික නීතිපති සංජය රාජරත්නම් දිගින් දිගටම රදගුරු මණ්ඩලය සමඟ සාකච්ඡා පවත්වමින් සිටින නිසා එම සාකච්ඡා අවසන් වන තුරු ඔහුගේ සේවය දීර්ඝ කිරීමට තීරණය කළ බව ජනපති සඳහන් කර තිබේ.
අලුත් නීතිපතිවරයකු පත් කළ හොත් ඔහුට මේ කටයුතු අධ්‍යයනය කරන්නට තවත් කාලයක් ගත වන බැවින් නීතිපති සේවා කාලය දීර්ඝ කරන්නට තීන්දු කළ බව පවසා ඇති ජනපතිවරයා කාට හෝ ඒ ගැන ගැටළුවක් තිබේ නම් ඒ කාරණය රදගුරු මණ්ඩලයෙන් විමසා දැනගත හැකි බවද කියා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව්, ඔව් මෙයා නම් ඇත්තම තමයි කියන්නේ. පාස්කු ප්‍රහාරය පරීක්ෂණ අවුරුදු 5ක් කරපු නැති කෙනෙක්ට මාස 06ක් දෙනවා කරන්න කියලා. මේවා හොඳයි නරියන්ට කියන්න. මම හිතන්නේ මෙයා මේවා කියන්නේ තමන්ගේ මෝඩ විශ්වාසයෙන්... මෙයත් එහෙමනේ. අවුරුදු 40ක් ඉඳලා, ඡන්දෙන් පැරැදිලා පිනට තනතුරක් අරගෙන හිතනවා එයාට විතරයි කරන්න පුළුවන් කියලා.
මේ කියන්නෙ අද හෙටම මහ මොළකරු අල්ලනවා කියන එකද? නැතිනම් තමුන් නීතිපති ධුරයට යෝජනා කරන අයට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය නොලැබෙනවා කියන එකද? එහෙමත් නැතිනම් රදගුරු මණ්ඩලයේ නිර්දේශය මත සේවා දිගුවක් ලබා දීමට සිදු වුණාද? එහෙමත් නොවේ නම් පොලිස්පති සේවා දිගුවේ රදගුරු මණ්ඩල විරෝධය සමනය කිරීමද? ප්‍රශ්නාවලිය නීතිපතිතුමාටම යොමු කරමු.
බළල්ලු ලව්වා කොස් ඇට බාවනවා, නීතිපති තියාගන්න හේතුවක් හදාගෙන, අවංකව ඕන කමක් ඇත්නම් විශ්‍රාම ගියත් සහයෝගය ගන්න බැරිද?
මෑතක වුන 2013 රතු පස්, 2011 කටුනායක වෙළඳ කාළාපයේ රොෂෙන් චානක, 2012 තාඩුජීන්, 2009 ලසන්ත වික්‍රමතුංග, 2010 ප්‍රගීත් එක්නැලිගොඩ, 2019 පාස්කු ප්‍රහාරයට වැරැදිකාරයෝ ඇල්ලුවාද? රනිල්ගේ කයිය විතරයි. යුදෙව්වෝ ඝාතනය කරපු උන්ව මොසාඩ් එක රටවල් පීරලා මැරුවා. අන්න රටවල් සිංහල අයට යුදෙව්වන් වගේ එකමුතු වෙච්චි දවසට විතරයි.. මේ රට සිංගප්පූරුවක් කරන්න පුළුවන්... නැත්තං සෝමාලියාව, හයිටිය තමයි තව අවුරුදු 10ක් රනිල්-රාජපක්ෂලා රට කරොත්...
ඒ වුණාට මහත්තයා ඔයාට සේවා දිගුවක් දෙන්නේ නැහැ
මේ දක්වා ගරු අගවිනිසුරු 65 දී විශ්‍රාම යයි
ඇයි මිනුස්සුන්ට වතුර උගුරක්වත් නැතිවුන වෙලේ රට භාර ගන්න කෙනෙක් හිටියේ නැත්තේ ? එක්කෙනෙක් රට හාර හාර හිටිය , අනික් කෙනා අවරුදු 35 ක් 40 ක් පාරේ කෑ ගහපු එක විතරයි කලේ , තවම සිස්ටම් මාරු කරනවා . දින්නොත් අදහස ඔවුන්ට විරුද්ද වුන අයගෙන් පලිගන්න . ඕව කරලා එද්දී රට ඉවරයි.