
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
දුම්කොළ සහ හුණු ලඟ තබාගෙන සිටියදී අසුවීමෙන් පසු විදුහල්පතිවරයා විසින් බැණවැදී අවවාද කිරීමෙන් පසු පෙරේදා සවස සිට අතුරුදහන්ව සිටි නාත්තන්ඩිය ප්‍රදේශයේ පාසලක 15 හැවිරිදි සිසුන් දෙදෙනා කුරුණෑගල පුත්තලම් පාරේ නිවසක රැඳී සිටියදී අද (20) සවස සොයාගත් බව මාරවිල මූලස්ථාන පොලීසිය පවසයි
අතුරුදන්ව සිටි එක් සිසුවකුගෙ ඥාතියෙකුගේ නිවසේ මොවුන් දෙදෙනා රැඳී සිටි බව පොලීසිය සඳහන් කරයි.
එක් සිසුවකුගේ මවක් විසින්ද අනිත් සිසුවාගේ පියා විසින්දමම දරුවන් නිවෙස් වලින් අතුරුදහන්ව සිටින බවට මාරවිල මූලස්ථාන පොලිසියට පොලීසියට පෙරේදා මධ්‍යම රාත්‍රියේ පැමිණිල්ලක් කර තිබිණි.
දුම්කොළ සහ හුණු ලඟ තබාගෙන සිටියදීමෙම සිසුන් දෙදෙනා විදුහල්පතිවරයාට අසුවීමෙන් පසුවිදුහල්පතිවරයා බැන වැදීම නිසා සිසුන් දෙදෙනා සිත් වේදනාවෙන් පසු වී ඇති බව පැමිණිලිකාරමව සහ පියාපවසන්නේ යැයිපොලිස් ආරංචි ආරංචිමාර්ග වලින් දැන ගැනීමට ඇත.
මාරවිල මූලස්ථාන පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් අතුරුදන්ව සිටියේ දී සොයාගත් සිසුන් දෙදෙනා සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා ඔවුන් මවුපියන්ට භාර දීමට කටයුතු යොදා ගෙන යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd