
(මනෝප්‍රිය ගුණසේකර)
මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන විධායක ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වු අනුර කුමාර දිසානායක මහතාට සුභාශිංශන පිරිනමමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි.
නීතීයේ ආධිපත්‍යය හා අධිකරණයේ ස්වාධීනත්වය බාධා රහිතව පවත්වාගෙන යනු ඇති බවට ජනතාව තැබු විශ්වාෂය ජනාධිපතිවරයා රැක ගනු ඇති බවටද අපේක්‍ෂා කරන බව සඳහන් කළ ශ්‍රී ලංකා නීතීඥ සංගමය ශ්‍රී ලාංකීය ප්‍රජාව එක්සේසත් කිරීමට හා ජාති, ආගම්, කුල භේදවලින් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීමට හැකිවනු ඇතැයිද අපේක්‍ෂා කරන බවද සඳහන් කළේය.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ වැඩබලන සභාපති ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ සහ ලේකම් චතුර ගල්හේන මහත්වරුන්ගේ අත්සන් වලින් නිකුත් කළ එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
COMMENTS
ජනාපධිපතිතුමා ඒ කාර්ය කරයි, කරුණාකරලා යුක්තිය පසිදලීමේ වැඩකටයුතු ඉවර කරගන්නවද උසාවි වල. නඩු ගොඩගැහිලා. හොරු මංකොල්ලකාරයෝ වෙනුවෙන නීතියෝ සිටිනවා ඒවා බලන්න. නැත්තම් පාඩුවෙ ඉන්න.
මේ අයත් මිනිමරුවන්ට කුඩු කාරයන්නට මුදලට නඩු වලට පෙනී සිටීම නවත්විය යුතුය.
ඔයගොල්ලොත් ගසාකන එක නවත්වන්න...