(ටී.කේ.ජී.කපිල )
තායිලන්තයේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් ලක්ෂ හතලිහක් පමණ වටිනා ජීවී සතුන් 88 දෙනෙකු සමග තරුණ ව්‍යාපාරික යුවළක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ වනජීවී සහ වෘක්ෂලතා ආඥා පනත , සත්ව රෝග පනත සහ රේගු ආඥා පනත උල්ලංඝනය කරමින් මෙම සතුන් රැගෙනවිත් ඇති අතර රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් , රේගුවේ ජෛව විවිධත්ව ඒකකයේ නිලධාරීන් සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සත්ව නීරෝධායන ආයතනයේ නිලධාරීන් පිරිසක් විසින් ඒකාබද්ධව සිදු කළ වැටලීමකින් අත් අඩංගුවට ගෙන තිබේ .
සැකකාර යුවළ අවිස්සාවේල්ල , පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ වාතාස්රය ලැබෙන පරිදි සකස් කළ කුඩා ප්ලාස්ටික් පෙට්ටි තුළ ඉබ්බන් , ගෙම්බන් , මාලු , ඉත්තෑවන් , ලේනුන් , කැස්බෑවන් , කටුස්සන් , හැම්ස්ටර් , සැලමැන්ඩා , තවත් පණුවන් විශේෂයක් සහ මීයන් අසුරා ගෙන පැමිණ තිබුණි .
කොණ්ඩා කපන ස්ථානයකදී ඇතිවූ බහින් බස් වීමක් හේතූවෙන් පුද්ගලයෙකු කපාකොටා ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු විත්තිකරුවන් දෙදෙනෙකුට මරණීය දණ්ඩණය නිය
විදේශවල සිටිය ද ශ්‍රී ලංකාව අත්නොහැර ශ්‍රී ලංකාව පිළිබඳ අවධානයෙන් සිට අපේ රටට සහ රටේ පුරවැසියන්ටත් හොඳ අනාගතයක් ප්‍රාර්ථනා කළ යුතු බවත් ඔබත් ඔබේ දරුව
විද්‍යෝදය පිරිවෙනේ නිර්මාතෘ හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ 113 වන ගුණ සමරු උත්සවය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී අද (29) පෙරවරුවේ පැව
ලෝක කම්කරු දිනය නිමිත්තෙන් පැවැත්වෙන මැයි 01 දින පෙළපාලි සහ මැයි දින රැළි වෙනුවෙන් දිවයින පුරා පොලිස් නිලධාරීන් 9000 කට වැඩි සංඛ්‍යාවක් යොදවන බව පොලිස් මා
බියගම සියඹලාපේ ගලහිටියාවේ ව්‍යාපාරිකයකු තමාගේම මෝටර් රථයට යටවීමෙන් මරණයට පත්ව ඇති බව සපුගස්කන්ද පොලිසිය පවසයි .
බදුල්ල කරඳගොල්ල ප්‍රදේශයේ ඇල්ල - වැල්ලවාය මාර්ගය ආසන්නයේ ඉකුත් 21 වන දින ඇති වූ නායයෑම් තත්ත්වය පිළිබදව වාර්තාවක් කඩිනමින් ලබාදෙන ලෙස ආරක්ෂක රාජ්‍ය අ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
නීති විරෝධිව ගෙන ආ සතුන් කටුනායකින් අල්ලයි