
( ටී.කේ.ජී.කපිල )
නීතිවිරෝධී ලෙස වීසා නොමැතිව කුවේට් රාජ්‍යයේ රැදී සිටිමින් , එරට විවිධ ස්ථාන වල සේවයේ නිරත වී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 26 දෙනෙකු එරටින් පිටුවහල් කර , ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙන් අද( 08 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .
මෙම පිරිස ශ්‍රී ලංකාවට පැමිණීම සදහා කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටින 2,000 කට අධික ගෘහ සේවිකාවන් අතරින් කොටසක් බවත් ඉතිරි පිරිස ද කොටස් වශයෙන් ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරන බව එම තානාපති කාර්යාලයීය ප්‍රකාශකවරයෙකු පැවසීය .
ලංකා තානාපති කාර්යාලයීය නිලධාරීන් කුවේට් රාජ්‍යයේ ආගමන විගමන දෙපාර්තමේන්තුව , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව , අධිකරණය සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සමග මේ පිළිබඳ කටයුතු කර මෙම ගෘහ සේවිකාවන්ට එරෙහිව පැවති නඩු ඉවත් කරවා ගෙන , ඔවුන් ගෙවිය යුතු දඩ මුදල් අහෝසි කර ගැනීමට කටයුතු කර තිබේ .
එසේම මෙම ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ට ශ්‍රී ලංකාවට පැමිණීම සදහා අවශ්‍ය ගුවන් යානා ප්‍රවේශ පත්‍ර නොමැති වූවන් සදහා ගුවන් යානා ප්‍රවේශ පත්‍ර ලබා දීමට ද කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පියවර ගෙන තිබුණි .
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නීති විරෝධීව කුවේටයේ සිටි 26ක් පිටුවහල් කරයි