
(ටී.කේ.ජී.කපිල )
නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන එමින් තිබූ රුපියල් හතලිස් එක් ලක්ෂ හැත්තෑ පන් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මෙයින් එක් ගුවන් මගියෙකු පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකි . ඔහු සිය ඥාතීවරයෙකු මුණ ගැසීමට ඩුබායි වෙත ගොස් ආපසු පැමිණෙමින් සිටියදී මෙසේ නීතිවිරෝධී ලෙස මෙම විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගය රැගෙන විත් තිබුණි .
මීට අමතරව කොළඹ , තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි , ඩුබායි හි කාර්මික වෘත්තීයක නියැලී සිටි පුද්ගලයෙකු ද මෙසේ නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගයක් රැගෙන විත් තිබුණි .
ෙඔවුන් දෙදෙනා විසින් තම ගමන් මලු තුළ සගවා ගෙන විදේශීය නිෂ්පාදිත දුම්වැටි 41,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 207 ක් නීතිවිරෝධී ලෙස රැගෙන පැමිණ තිබුණි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd