IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


නීති කඩා මාළු ඇල්ලූ 25 ක් උතුරු මුහුදේ දී අල්ලයි

(යොහාන් භාසුර ) 

රාත්‍රී කාලයේ නීති විරෝධී කිමිදුම් කටයුතු සිදු කරමින් සහ නීති විරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු කළ පුද්ගලයින් 25, මුහුදු කූඩැල්ලන් 1068 ක ප්‍රමාණයක් සමඟ ඩිංගි යාත්‍රා 7 ක් සහ කිමිදුම් උපකරණ හා නීති විරෝධී ධීවර ආම්පන්න යාපනය මාමුනෙයි සහ චුන්ඩිකුලම් ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී භාරයට ගත් බව නාවික හමුදාව පැවසීය.    

උතුරු නාවික විධානයට අයත් මාමුනෙයි සහ චුන්ඩිකුලම් නාවික අනුඛණ්ඩයන් මඟින් මාමුනෙයි සහ චුන්ඩිකුලම් ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවත් එහිදී එම මුහුදු ප්‍රදේශයේ රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදු කරමින් සහ නීති විරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් සහ උපකරණ භාරයට ගත් බවත් නාවික හමුදාව සඳහන් කළේය.

භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 20 ත් 57 ත් අතර වයසේ පසුවන මන්නාරම, මුල්ලියාන්, කන්නයන්කාඩු සහ යාපනය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගත් බවත් එම පුද්ගලයින්, මුහුදු කූඩැල්ලන්, ඩිංගි යාත්‍රා සහ උපකරණ ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාර දුන් බව ද නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (0)

නීති කඩා මාළු ඇල්ලූ 25 ක් උතුරු මුහුදේ දී අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site