IMG-LOGO

2024 මැයි මස 18 වන සෙනසුරාදා


නඩුවේදී වතු කම්කරුවන්ට ජනපති සහාය

 

(අංජුල මහික වීරරත්න)

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට එරෙහිව වතු හාම්පුතුන් නඩු පැවරුවහොත් කම්කරුවන්ගේ පැත්තේ සිට නඩුවට සහාය දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

වතු හාම්පුතුන් පවරන්නට යන බව කියන නඩුවට අදාළව කම්කරුවන්ගේ පැත්තේ සිට කරුණු ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය නීතිඥ සහාය මෙන්ම නීති උපදෙස් සපයන ලෙසද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සම බලධාරීන්ට උපදෙස් දී ඇත.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොටගල පැවති මැයි දින රැලියේදී ප්‍රකාශයට පත් කළ අතර අදාල වැටුප වැඩිවෙන ආකාරය සම්බන්ධයෙන් කම්කරු කොමසාරිස් ජනරාල් වරයා අති විශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කළේය.

අනතුරුව වතු හාම්පුතුන්ගේ සංගමය ප්‍රකාශ කළේ වතු සමාගම් සමග කිසිදු සාකච්ඡාවක් නොකර අදාල වැටුප් වැඩි වීම සිදුකර ඇති හෙයින් තමා අධිකරණය හමුවට යන බවයි.

ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය ද නිවේදනයක් නිකුත් කරමින් පැවසූයේ

වතු කම්කරුවන්ගේ වැටුප වැඩි කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අදාළ ප්‍රකාශය කරන අවස්ථාව වන විට තම සංගමය වැටුප් වැඩි කිරීම ගැන අවසන් තීරණයක් ගෙන නොතිබූ බවයි.

කෙසේ වුවද වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිවීම ප්‍රකාශයට පත් කළේ වතු හාම්පුතුන්ගේද එකඟතාවය මත බව රජය සඳහන් කරයි.

 



අදහස් (14)

නඩුවේදී වතු කම්කරුවන්ට ජනපති සහාය

පුරවැසියා Saturday, 04 May 2024 07:38 AM

රැවටීම කලාවක් නම් රනිල් එහි පිකාසෝ වෙයි.

:       5       16

Perera Saturday, 04 May 2024 08:16 AM

සල්ලි අච්චු ගහලා හාම්පුතුන්ට දෙන්න පඩි ගෙවන්න කියලා...

:       5       19

rathu mudalali Saturday, 04 May 2024 08:23 AM

ප්‍රශ්නයක් නැහැ ජනධිපතිතුමනි... ඔබතුමා කම්කරුවන්ට සහාය දෙන්න. තේ දළු කිලෝවකට රු 400ක සහතික මිලක් නොදී ඔහොම ගියොත් කොහොමත් ඔය කම්කරුවන්ට වෙන්නේ වෙනත් රැකියා හොයාගන්න තමයි.. මොකද ලොකු කුඩා කොයි වතු හිමියන්ටත් තම වතුවල දළු නෙලීම නවත්වා දැමීම හැර වෙනත් විකල්පයක් නැති වෙන නිසා... කවුරු හරි කෙනෙක් ඔබතුමාට ලණුවක් දීලා වගෙයි පෙනෙන්නේ...

:       4       18

පිනා Saturday, 04 May 2024 08:28 AM

තමන්ගේ ඡන්ද ටික වැඩි කරගන්න ඕනෙම දෙයක්...!

:       6       18

සිල්වා Saturday, 04 May 2024 09:12 AM

මේවා දේශපාලන වාසියට ගන්නා තීරණ. රාජපක්ෂලා ඛදු පිළිබඳව ගත්තු වැරදි තීරණ හේතුවෙන් අද එහි ප්‍රතිඵල ලැබී ඇත. ජනාධිපතිතුමාගේ මෙම තීන්දුව නිසා වතු ආර්ථිකය ද කඩා වැටීමට ඉඩ ඇත.

:       10       24

අරවින්ද මොනරවිල Saturday, 04 May 2024 09:26 AM

පළමුව වික්‍රමසිංහලාට අයත් වතුයාය වල කම්කරුවන්ට දවසකට රුපියල් 1700 ගානේ ගෙවලා පෙන්නුවොත් අපි රනිල් සමග වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකර ගැනිමේ සටනට එක්වෙනවා...

:       10       26

Saman Saturday, 04 May 2024 10:02 AM

දැන් මෙයාලාව එළවන්න ඕනේ... කෝ මේ පරගල කාරයින්...

:       8       11

Lakmal Saturday, 04 May 2024 11:51 AM

මේවා දේශපාලන වාසි බලාගෙන කරන වැඩ. යම්කිසි කර්මාන්තයක් පවත්වාගෙන යන කෙනෙක් තමා දන්නේ ඒක කරගෙන යන්නන මොන මොන ප්‍රශ්නද තියෙන්නේ කියලා. AC කාමරවල ඉඳලා විසඳුම් හොයන අයට ඒවා තේරෙන්නෙ නෑ. මෙහෙම ගියොත් මිනිහෙක්ගෙන් වැඩක් කරගන්න වෙන්නේ නෑ. තේ කර්මාන්තයත් කඩාවටටලා තමයි පස්ස බලන්නේ. ඊළඟ ජනාධිපතිවරණය බලාගෙන ඕනෑම දෙයක් දෙන්නම් කියලා කියනවා. ප්‍රාෙයා්ගිකව කරගෙන යන්නේ කොහොමද කියලා හිතන්නේ නෑ.

:       2       9

ranjith Saturday, 04 May 2024 12:54 PM

අනේ මෙහෙම බල තණ්හාවක්...!

:       2       10

සෙල්වා Saturday, 04 May 2024 01:00 PM

මේක ඡන්දේ ඉවරවෙනකල් ගහන නඩුවක්. කොහොමත් නඩු දැම්මාට පස්සේ තීන්දුව දෙනකල් ගැසට් එක අත්හිටුවයි. ඡන්දේ ඉවර වෙනකල් නඩුව ඇද ගත්තාම ඇති. අහිංසක කම්කරුවෝ මේ පාරත් රැවටෙනවා...!

:       2       13

Prabha Saturday, 04 May 2024 01:10 PM

මෙයාගේ ජනාධිපති සිහිනයට ලංකාවේ තේ කර්මාන්තය බිලි දෙන්නයි හදන්නේ...!

:       2       11

Ranjith Saturday, 04 May 2024 03:58 PM

වතු අයිතිකරුවන් තම සමාගම්වල නිෂ්පාදන නැවැත්තුවොත් මොකද වෙන්නේ? ඒ ගොල්ලෝ ඇති තරම් දැන් උපයාගෙන අවසන්. මේ හරකාගේ කතාවට වතුකරයේ අය රැවටුණොත් ඔවුන්ගේ රැකියාවල් අනතුරේ. මට හිතෙන්නේ එහෙම වුණොත් මේ බැංකු හොරා මේවා එයාගේ නෑදෑයින් ඉන්න ඉන්දියාවට පවරයි...

:       2       7

විජිත් Saturday, 04 May 2024 04:00 PM

මේ අයව අංගොඩ පිස්සන් කොටුවට ගෙනියන්න ඉක්මනටම.., එහෙම නැත්නම් මුව මස් කඩේට තමයි දක්කන්න වෙන්නේ...

:       2       8

Hafeel Saturday, 04 May 2024 05:26 PM

මේ රනිල් ඉතිහාසයේ කවදත් හාම්පුතුන්ගේ පැත්තේ සිටිය මිස වැඩ කරන ජනතාව පැත්තේ සිටයේ නැත. මේකට හොඳ උදාහරණ කිහිපයක් තියනවා. ඊයේ රාජ්‍ය බැංකුවලට පොලු දාපු තමාගේ දේශපාලන හිතවතුන්ගේ ණය බොල් ණය ලෙස කපා හැරිලා සහ ගෝඨාභයගේ සීනි බදු වංචා, එම හාම්පුතුන්ගෙන් නැවත අය කරලා, ජනතාවට ලබාදෙන ලෙස විගණකාධිපති නිර්දේශ කරළත්, අද වෙනතුරු මේ රනිල් ආණ්ඩුව ඒක කරලා නැහැ...

:       1       7

ඔබේ අදහස් එවන්න

දියත

බාල බෙහෙත් ගෙනා සෞඛ්‍ය ලොක්කෝ ගස්
2024 මැයි මස 18 246 0

ගුණාත්මකභාවය පරීක්ෂා කෙරෙන අවම ක්‍රමවේදයකින් හෝ තොරව ඖෂධ මෙරටට ගෙන්වා රෝගී ජනතාව අවදානමට ලක් ලක්කර ඇති හෙයින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එවකට සිටි


ජාතික විගණය බාල බෙහෙත් සිද්ධියේ වැරදිකරු පෙන්නයි
2024 මැයි මස 18 208 0

ගුණාත්මකභාවය පරීක්ෂා කෙරෙන අවම ක්‍රමවේදයකින් හෝ තොරව ඖෂධ මෙරටට ගෙන්වා රෝගී ජනතාව අවදානමට ලක් ලක්කර ඇති හෙයින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එවකට සිටි ප


දේශපාලන රැස්වීම්වලට ග්‍රාමසේවකලා නැතිලු
2024 මැයි මස 18 118 0

දේශපාලනඥයන් සහභාගී වන කිසිදු උත්සවයකට සහභාගී නොවීමට ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.


නාවික හමුදාවේ 3,146කට උසස්වීම්
2024 මැයි මස 18 98 1

කොටි ත්‍රස්තවාදය පැරදවා වසර 15 ක් සම්පූර්ණ වීම වෙනුවෙන් සංවිධානය කරන 15 වැනි රණවිරු සමරුවට සමගාමීව නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයන් 3,146 කට උසස්ව


උසස් පෙළ පන්ති පැවැත්වෙන්නේ මෙහෙමයි
2024 මැයි මස 18 939 4

පසුගියදා (15) අවසන්වූ 2023/2024 අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් සඳහා ජුනි 04 දින උසස් පෙළ පන්ති ආරම්භ කිරීම සම්බන්ධ චක්‍රලේඛය අධ්‍යාපන අමාත


මත් කුඩු කිලෝ 450ක් අද වනසයි
2024 මැයි මස 18 522 0

පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය කිලෝ 450 කට අධික තොගයක් විනාශ කිරීම අද (18) පස්වරු 5.00 ට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, පොලිස්පති දේශබන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 773 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2317 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1980 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site