IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නඩුවකට පැමිණ යද්දි ආයුධයකින් ගෙලට ඇනලා

(කේ බුද්ධික කුමාරසිරි)

හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ අද (25) දින පැවති නඩු විභාගයකට සහභාගි වී යළි පිටතට පැමිණෙමින් සිටි කාන්තාවකගේ ගෙල තියුණු ආයුධයකින් කපා දමා පළා පළා ගිය පුද්ගලයකු සොයා පරීක්ෂණ ආරම්භ කළ බව  හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි

තුවාල ලැබූ කාන්තාව හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර ඇයගේ තත්වය බරපතල නොවන බව හෝමාගම මූලික රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය

තමන්ගේ නිවසේ තිබූ පවුම් පහකට ආසන්න රත්‍රං භාණ්ඩ කිහිපයක් අස්ථාන ගතවීම සම්බන්ධයෙන් තම සහෝදරයා සැක බවට අදාල කාන්තාව විසින් පාදුක්ක පොලිසියට සිදු කල පැමිණිල්ලක් මත සිදුවන නඩු විභාගයකට පෙනී සිටීම සදහා මෙම කාන්තාව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ  තිබිණි.

යළි නිවසට යාම සදහා අධිකරණය ඉදිරිපිට නවත්වා තිබූ තම යතුරු පැදියට නැගීමට යාමේදී එක්වරම ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙලෙස තියුණු ආයුධයකින් ගෙළට ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇති බවත් පොලිසිය පවසයි.

මෙලෙස තුවාල ලබා ඇත්තේ පූගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක වන 35 හැවිරිදි කාන්තාවකි



අදහස් (0)

නඩුවකට පැමිණ යද්දි ආයුධයකින් ගෙලට ඇනලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site