
(ඉන්දිකා රාමනායක)
වාරියපොළ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුබඩු කාමරයේ තිබූ රුපියල් දෙලක්ෂ පනස් පන්දහසක මුදලක් කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇතැයි වාරියපොළ පොලිසිය පවසයි. අධිකරණ රෙජිස්ටාර්වරිය. මේ සම්බන්ධයෙන් ඊයේ (17) සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
නඩු කිහිපයකට අදාල මෙම මුදල ලිපි කවර තුනක බහා භාණ්ඩ කාමරයේ තිබියදී කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇති බවට පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය පවසයි.ෙඉකුත් ජූලි මස 07 දින හො ඔක්තෝම්බර් මස 16 දින අතර කාලය තුළ මෙම සොරකම සිදුව ඇති බව පැමිණිල්ල ලැබුණු බව පොලිසිය පවසයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.